*
Tuesday, May 13, 2025
spot_img

Latest Posts

ජොන්ස්ටන්ට අධිචෝදනා භාරදෙයි

2011 වසරේදී වෙළඳ අමාත්‍යවරයාව සිටිමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් සිය රාජකාරිවලින් ඉවත්කොට දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රුපියල් ලක්ෂ 59 කට අධික මුදලක් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට අද (10) අධිචෝදනා භාරදෙනු ලැබිණි.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වූ මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනුකිරීමට බලාපොරොත්තු වන බව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටි අතර නඩු විභාගය නොවැම්බර් 01 වනදාට කල්තැබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan