හහා හහා දුමාරයක් නැගෙයි තැනෙක ලොවේ ….!

“හරි විකාරයක්” යැයි කියා
බසේ ‘ඇ’කාරය
කෙනෙක් කියන් ගියා
එයා ගියේ කොහේ – කෝ මේ ලයිටරේ
හහා හහා දුමාරයක් නැගෙයි තැනෙක ලොවේ

මධ්‍යහ්න සමේ – වැවූ “දිවා පුවත්”
දලුත් මලුත් ලලා
නැඟී නිශා යමේ -“අටේ පුවත්” ගෙනේ

නැතත් සිරස්තලේ – අගදි පුවත් පෙලේ
මල්මුවට ත්‍රාසයත්
අතුපෙළට භීතියත්
ලා’පතට කුතුහලයත් රැගෙන
වැහි කුණාටු එතේ

ලොවක් මැවූ පුවත්
“දෙස් – විදෙස්” කියා බෙදා
ලැබ සමාගමක සෙනේ
ගෙනේවි ඔබැ කරා
පෝක් – සමුද්‍ර සන්ධිනී

ක්‍රීඩා පුවත් අතරවාරයේදී
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක්
හරවා පහරක් එල්ල කළා
පන්දුව ඇදී ගියා මහවැලි ‘එච්’ කලාපයට
එහි සිටියේ සිරිසෝම ගොවි මහතා
“මගේ මිරිස් පැළ පොඩිවෙනවා “
ඒ මහතා කෑ ගැසුවා

අනිලමානය
නල බලපවත්වන වේගය දනී
නල ගලන මග නොදනී,
සුළං දිශා දර්ශකය
නල ගලන මග දනී
නල බලපවත්වන වේග නොදනී,
කාලගුණ විද්‍යාව හැදෑරූ අයෙක්
ඔවුන් අතරට වැදී
අනාවැකියක් ඩැහැගෙන
පුවත් අතරට පනී

පනාමුරේ වගේ නෙවෙයි නැදුන්ගමුව හොඳේ
“ෆයර්” කියා තවැ දුරටත් නොකියයි මොලමුරේ
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩීගෙ දුම් පයිප්පෙ පිරේ
කෝ මේ ලයිටරේ
හහා හහා දුමාරයක් නැගෙයි තැනෙක ලොවේ ….!

~ රුවන් බන්දුජීව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී මේ දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 107,000 ඉක්මවයි: මරණ 81ක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මෙම වසරේ මේ දක්වා...

කොළඹ පුරා හදිසි ගංවතුර : අවහිර වූ කාණු පද්ධති හැටක් හඳුනා ගැනේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: කොළඹ ප්‍රදේශයේ ජල කාණු...

නලින් බණ්ඩාර සජබෙන් ඉවත් කරයිද ?

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර...

ඉරානයේ අවි ප්‍රවාහන මාර්ග අවහිර කිරීමට ඇමෙරිකාවෙන් නව මෙහෙයුම් කණ්ඩායමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය...