එක්දින තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට දොරටු විවෘත වෙයි

Date:

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය බළධාරීන් නිර්දේශ කර තිබෙන්නේ ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 50% කට ප්‍රමාණවත් ප්‍රේක්ෂකයන් පිරිසකට ක්‍රීඩාංගනයට ඇතුළුවීමේ අවස්ථාව ලබාදෙන ලෙසයි.

ඊට අදාලව සෞඛ්‍ය නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව තරග නැරඹීමට අවස්ථාව හිමි වන්නේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14 ක් සම්පූර්ණ කළ පුද්ගලයන්ට පමණි. ඒ බව තහවුරු කිරීම සඳහා එන්නත් කාඩ්පත රැගෙන ඒම හෝ එම කාඩ්පතේ ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

තරගාවලියේ තරග 03 ම දිවා-රාත්‍රී තරග ලෙස පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරගවලට අදාල ප්‍රවේශ පත් නිකුත් කිරීම හෙට දිනයේ සිට ආරම්භ කරන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...