හිජාබයෙන් මතුවූ කාන්තා අරගලය මැද හිජාබය නැති ඉරාන කඳු නඟින්නිය අතුරුදන්!

Date:

විවිධ රටවල නා නා විධි ඇඳුම් පැළඳුම් මෙන්ම එකිනෙකට ගැටෙන ඇඳහිලි විශ්වාස බොහෝ ප්‍රමාණයක් පවතී. සමහරුන්ට ගානක් නැති දේවල් තවත් කෙනෙක්ට මහ මෙරක් වටින සම්ප්‍රදායක් වෙන්නත් පුලුවනි.

33 හැවිරිදි එල්නස් රෙකාබි (Elnaz Rekabi) ගේ සිඳුවීම පටන් ගන්නේ අන්න එතැනින් ය.

දකුණු කොරියාවේ පැවති ආසියානු ශූරතාවලියේදී ඉරානයේ ඇඳුම් පැළඳුම් ආකල්ප වලට පටහැනිව ඇය කටයුතු කරන ආකාරය වීඩියෝවකින් පෙන්වීමෙන් පසුව එයට පිරිසක් විරෝධය පෑහ.

පර්සියානු බීබීසී(BBC) මාධ්‍ය ඉකුත් සඳුදා දින වාර්තා කළේ ඒ පිළිබඳව දැන ගැනීමට ඇගේ මිතුරන්ට ද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.

අඟහරුවාදා (18) දින ඇගේ ඉන්ස්ටග්‍රෑමයෙහි සටහනක් තබා ඇති අතර, එහි ප්‍රකාශ කර තිබෙන්නේ, “සියල්ලන් කනස්සල්ලට පත් කිරීම” ගැන සමාව අයැද සිටින බවත්, තමා ගෙදර බලා පියාසර කරන බවත් ය.

“නරක වෙලාව, මට තාප්පය නගින ලෙස ලබා දුන් අනපේක්ෂිත විධානය නිසා නොදැනුවත්වම මගේ හිස ආවරණය ගැලවී ගියා” එම ප්‍රතිචාරයේ වැඩිදුරටත් දැක්විනි.

BBC පර්සියානු මාධ්‍යවේදියෙකු වන රනා රාහිම්පූර් (Rana Rahimpour) නම් මෙම සටහන පිළිබඳ සැකයක් මතු කළේ ය. ඔහු මෙහි භාෂාමය වින්‍යාසය සැක සහිත බවක් නිරීක්ෂණය කළේය.

මීට පෙර හිස් ආවරණයක් පැළඳ නොසිට විදේශගතව තරඟ කළ අනෙකුත් ඉරාන කාන්තාවන් ද පවසා ඇත්තේ ඉරාන බලධාරීන්ගෙන් එවැනි ආකාරයෙන්ම සමාව ඉල්ලා සිටින ලෙස තම තමන්ට බලපෑම් එල්ල වූ බවයි. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් ඉරානයට ආපසු නොයෑමට ද තීරණය කළහ.

දකුණු කොරියාවේ ඉරාන තානාපති කාර්යාලය පැවසුවේ රෙකාබි අඟහරුවාදා උදෑසන සෝල් නුවරින් ඉරානය බලා පිටත්ව ගිය බවයි. ක්‍රීඩා කඳු නැගීමේ ජාත්‍යන්තර සම්මේලනය (IFSC) කියා සිටියේ ඇය ඉරාන කඳු නැගීමේ සම්මේලනය සමඟ සම්බන්ධ වී ඇති බවත් ඇය වැනි වටිනා සාමාජිකාවකගේ සුරක්ෂිතාවය උදෙසා ඔවුන් සහය වන බවත් ය.

කෙසේ හෝ ඇය දැන් අතුරුදන් ය. ඇය සිටි හෝටලයෙන් ද ඇය පිටව ගොස් ය. ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජංගම දුරකථනය රාජසන්තක ය.

මෑතකදී සිදුවූ අපරාධය ද එවැනිම රූපයක් ගනී. මාහ්සා අමීනී නමැති 22 හැවිරිදි කාන්තාව අත්අඩංගුවේ සිටියදී සිය හිස් වැසුම ලිහිල් ලෙස පැළඳ සිටි බවට චෝදනා ලබමින් මිය ගොස් තිබීම විරෝධතාවලට හේතු විය. නමුත් පොලීසිය පවසන්නේ එය හෘදයාබාධයක් බවයි. නඩුත් එයාලගෙ බඩුත් එයාලගෙ කියන කියමනට කදිම නිදසුනක් ඇය අපිට සිහිපත් කර යන්න ගියා ය.

ඉරානයේ කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් වැසිය යුතුය. අත් සහ පාද ලිහිල් ඇඳුම් වලින් ආවරණය කළ යුතුය.

ක්‍රීඩිකාවන් කියා ඔවුන්ට අදාළ නැත. ඉරානය නිල වශයෙන් විදේශයන්හි තරඟ සඳහා නියෝජනය කරන විට ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සංග්‍රහයට ද අනුකූල විය යුතුය යන මතයේ සිටී.

රටේ පැවැත්මකට බලහත්කාරකම් වලින් ලැබෙන දෙයක් නැත. එය අප හිත පතුලෙන්ම ආ යුතු ගුණාංගයකි. අපි සියලු ආගම් වලට ගරු කරමු. හිජාබයද ඔවුන්ට ආවේණික ඇඳුම් අංගයක් වන අතර එය ඔවුන් භක්තියක් දක්වන සංකේතයකි. අපි එහි කිසිම වරදක් නොදකිමු.

නමුත් ක්‍රීඩාවේ දී දුවන්න පනින්න සැහැල්ලු ඇඳුමක් තිබිය යුතුය. එය බලධාරීන් තේරුම් ගත යුතුය. යම් යම් අතපසු වීම් ඕනෑම මනුෂ්‍යයෙක්ට සිදුවන්නට පුලුවනි. අප දෙවියන් නොවේ.

ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, කාන්තා හිංසනය, ළමුන් ඝාතනය කිරීම සහ රඳවා තබා ගැනීම ආදී නොමනා ක්‍රියා තරයේ හෙළා දැකිය යුතුම වේ. කාන්තාවන් යනු ඔනෑම රටක ගෞරවයට පාත්‍ර වන කොටසක් නොවේ ද?

ඕනෑම ආගමක ගැහැණියට යම් ගරුත්වයක් දැක්විය යුතුය. අතපසුවීම් වලට දිය යුත්තේ දඬුවම් නොව උපදෙස් පමණි.

ඉතින් රෙකාබි ඔබට කිසිවක් සිදු නොවේවායි අපි පතමු!

නිපුනි ලියනගේ_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...