22 හෙට පරාදයි. බැසිල් ලබන මාසයේ ලංකාවට !

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී එය අනිවාර්යයෙන්ම පරාජයට පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය මෙම පනත් කෙටුම්පතට විරුද්ධ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා දැනටමත් ප්‍රකාශ කර තිබේ. එම තත්වය යටතේ එය සම්මත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තුව තුළ කිසිසේත්ම ලබාගැනීමේ හැකියාවක් නොමැති බව පැහැදිලි ය.

එසේම දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසයේදී නැවතත් දිවයිනට පැමිණෙනු ඇති බවත් එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතාට එම පක්ෂයෙන් දැඩි ඉල්ලීම් කෙරෙන බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළ අතර ඒ මහතා දිවයිනට පැමිණි පසු එම ඉල්ලීම පිළිගනිමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගනු ඇති බවත් පක්ෂ ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...