22 හෙට පරාදයි. බැසිල් ලබන මාසයේ ලංකාවට !

Date:

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර එහිදී එය අනිවාර්යයෙන්ම පරාජයට පත්වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය මෙම පනත් කෙටුම්පතට විරුද්ධ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා දැනටමත් ප්‍රකාශ කර තිබේ. එම තත්වය යටතේ එය සම්මත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තුව තුළ කිසිසේත්ම ලබාගැනීමේ හැකියාවක් නොමැති බව පැහැදිලි ය.

එසේම දැනට විදෙස්ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසයේදී නැවතත් දිවයිනට පැමිණෙනු ඇති බවත් එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බැසිල් රාජපක්ෂ මහතාට එම පක්ෂයෙන් දැඩි ඉල්ලීම් කෙරෙන බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළ අතර ඒ මහතා දිවයිනට පැමිණි පසු එම ඉල්ලීම පිළිගනිමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගනු ඇති බවත් පක්ෂ ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...