ලෙබනනයේ කොළරා වසංගතය සීඝ්‍රයෙන් පැතිරේ

Date:

මාරාන්තික කොළරා වසංගතය ලෙබනනයේ සීඝ්‍රයෙන් පැතිර යන බවට ලෙබනන් මහජන සෞඛ්‍ය භාරකාර අමාත්‍ය ෆිරාස් අබියාඩ් විසින් ඊයේ(19) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව ඔක්තෝබර් 6 සිට, ලෙබනනයේ කොළරා රෝගීන් 169 ක් වාර්තා වී ඇති අතර, එයින් අඩක් පමණ පසුගිය දින දෙක තුළ වාර්තා වී ඇත.

ලෙබනනය සිරියානු සරණාගතයින් මිලියනයකට වඩා සත්කාරකත්වය දරන අතර ඔවුන් බොහෝ දෙනෙක් දැනටමත් දරිද්‍රතාවයෙන් පෙළෙයි. ජල නල හෝ අපද්‍රව්‍ය පද්ධති නොමැතිව අවතැන් වූවන් සඳහා ජනාකීර්ණ කඳවුරුවල ජීවත් වෙති. පානීය ජලය බහුලව දූෂිත වූ සහ සමහර විට අපජල ජලය සමඟ මිශ්‍ර වන දුප්පත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. මේ හේතූන් නිසාවෙන් සරණාගයන් මඟින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. කොලරාව සාමාන්‍යයෙන් දූෂිත ආහාර හෝ ජලයෙන් ආසාදනය වන අතර පාචනය සහ වමනය ඇති කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොලරාවට ප්‍රතිකාර නොකළහොත් පැය කිහිපයක් ඇතුළත මිය යා හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ රටවල් 29 ක කොළරාව පැතිරීම හේතුවෙන් සීමිත එන්නත් සැපයුමට එය විශාල පීඩනයක් බවයි. හිඟය හේතුවෙන් එක් කොලරා එන්නත් මාත්‍රාවක් භාවිතා කිරීමට WHO උපදෙස් ලබා දී ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...

ලසන්ත ඝාතනයට වසර 17යි – යුක්තිය අපේක්ෂාවෙන් අදත් පහන් දැල්වෙයි! (PHOTOS)

කොළඹ LNW: සන්ඩේ ලීඩර් කතෘ,ජ්‍යෙෂ්ඨ මධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට...

ආරක්‍ෂිත ක්‍රියාමාර්ගවලට යොමුවන්න – කාලගුණයෙන් රතු නිවේදන!

කොළඹ LNW:ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය...