කුසට සාගිනි, හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි, ජනතාවට බඩගිනි – කබීර්

මෙතෙක් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට රොල්ස් රොයිස් ඇතුළු අධිසුඛෝපභෝගී සුපිරි වාහන වැඩියෙන්ම ගෙන්වූ කාලසීමාව වන්නේ මාලිමා ආණ්ඩුවේ කාලසීමාව බවත් එම වාහන ගෙන්වීමේදී ඇතැමුන් නීතියේ හිඩැසකින් රිංගා යමින් බදු සහන ද ලබාගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

“වාහන ආනයනය විවෘත කෙරුවාට පස්සේ ලංකාවේ අවුරුදු එකහමාරක් දෙකක් ඇතුළත වැඩිම අධිසුඛෝපභෝගී රථ ලංකාවට ආපු කාලය තමයි මාලිමා ආණ්ඩු කාලය. 2025 – 2026 කාලය. අධිසුඛෝපභෝගී වාහන 1737ක් – Ultra Luxury වාහන – ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේවා කොහොමද ඇවිල්ලා තියෙන්නෙ ? දැන් විට්ස් කාර් එකට බදු සහන නෑ, හැබැයි මේවා නීතියේ හිඩැසක් හොයාගෙන 15%ක බදු සහනත් මේ වාහනවලට දීලා තියෙනවා. එක වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ 3500 – 5000 දක්වා යනවා. මම අහලා නැති වාහන. රොල්ස් රොයිස් කලිනන් SUV කියන වර්ගය. ඊළඟට රොල්ස් රොයිස් ෆැන්ටම් එක. ෆෙරාරි, පෝෂ්, ලැම්බෝගිනි. මේ ලැම්බෝගිනි කියනකොට මටත් මතක් වුණේ – බිමල් රත්නායක මැතිතුමා දන්නවා ඇති ඒ දවස්වල ඔයාලා ජනප්‍රිය සටන් පාඨත් කියනවා වේදිකාවල, ජේවීපී එකෙන් නිතරම කියපු සටන් පාඨයක් තමයි ‘කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා – නැගිටපල්ලා, නැගිටපල්ලා …’ කියලා තමයි ගිය පාර ඡන්දෙ ගත්තේ. හැබැයි දැන් ඒක කියන්න බෑ. දැන් ඒක සංශෝධනය කරලා කියන්න වෙනවා වෙන විදියකට. ඒ කියන්නෙ මෙහෙමයි. ‘කුසට සාගිනි, හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි, මේ රටේ ජනතාවට බඩගිනි’. අන්න ඒක තමයි තමුන්නාන්සෙලාට ඉස්සරහදී කියන්න වෙන්නෙ”

කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ...

“US FBI නිලධාරීන්” ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන...

යුරෝපය සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : යුරෝපා සංගමය...

රොටුඹ අමිල සහ සංජය මහවත්ත එකම ගුවන් යානයෙන් ලංකාවට

රුසියාවෙන් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානත්මක අපරාධකරුවකු වන අමිල...