*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/25

1. වර්තමානය තුළ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම “රජයට වාසිසහගත වනු ඇති” බව නිශාන් ද මෙල් සහ ශාන්ත දේවරාජන් ඇතුළු ආර්ථික විශේෂඥයන් කණ්ඩායම පවසයි – මීට ඉහත ණය පැහැර හැරිය යුතු බවට දැඩි මතයක සිටියේ ද මේ ආර්ථික විශේෂඥයන් කණ්ඩායමම ය.

2. රජයේ රෝහල් බොහොමයක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 90කට අධික ප්‍රමාණයක උග්‍ර හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි (GMOA) ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කරයි – මෙම හිඟය හේතුවෙන් රට තුළ රෝහල් පද්ධතිය බිඳ වැටෙනු ඇති බවට අනතුරු අඟවයි.

3. 2022 සැප්තැම්බර් මාසයේදී තේ නිෂ්පාදනය වසරින් වසර (YoY) සියයට 7.8 කින් පහත වැටී ඇත – මාස 09 ක් තුළ මුළු නිෂ්පාදනය ද සියයට 18කින් අඩු වී ඇති බව පෙනී යයි – නිෂ්පාදන පිරිවැය සියයට 35කින් ඉහළ ගොස් ඇත – මෙය 1996 වර්ෂයෙන් පසු රටේ අඩුම තේ නිෂ්පාදනය වේ.

4. දකුණු ආසියාවේ පළමු “ඩිස්නිලන්තය” හම්බන්තොට ට! – මෙය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ලබන මස එක්සත් ජනපදයට යාමට නියමිතය – ඇස්තමේන්තුගත ආයෝජනය ඇ.ඩො. බිලියන 18 කි.‍

5. පාන් රාත්තලක මිල බලෙන් අඩු කිරීමේ අරමුණින් තිරිඟු පිටිවල ව්‍යාජ මිල ගණන් පැතිරවීමේ ක්‍රියාන්විතයක් දියත් වෙමින් පවතින බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනාවරණය කරයි – තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01 ක වර්තමාන මිල රු. 320 ක් පමණ බව ද පවසයි.

6. වික්ටෝරියා වේල්ල සහ ඒ අවට අධි ආරක්‍ෂිත ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ ගත කළ පුද්ගලයන් 07 දෙනෙකු යුධ හමුදාව සහ මහවැලි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට!

7. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා නිකුත් කරන ලද ලීටර් 05ක සතිපතා ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා වැඩි කිරීමට පියවර – පළමු අදියර නොවැම්බර් 01 වැනිදා බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරේ.

8. එක්සත් ජනපදයේ සවුත් බීච් හි වැන්ඩර්බිල්ට් හි පැවති “මිස් ශ්‍රී ලංකා – නිව් යෝර්ක්” තරඟයේ ජය පළමු වරට ශ්‍රී ලාංකිකයකු වන ඇන්ජලියා ගුණසේකරට – සහභාගී වූ පිරිස 300 ක් – සාර්ථකව පැවති තරඟයෙන් අනතුරුව පැවති “පසු සාදයේ” දැවැන්ත ගුටිබැට හුවමාරුවක්!

9. ඉදිකිරීම් අංශයේ ගෙවිය යුතු රු. බිලියන 230 ක මුළු මුදලින් රු. බිලියන 18 ක් ගෙවීමට භාණ්ඩාගාරය පොරොන්දු වේ – නොවැම්බර් මාසයේදී රු. බිලියන 5 ක් සහ දෙසැම්බර් මාසයේදී රු. බිලියන 13 ක් ගෙවීමට නියමිතය.

10. ඔට්ටු සහ සූදු බදු වැඩි කරන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ගෙන් ප්‍රකාශයක්! – අගෝස්තු 01 වැනිදා සිට කැසිනෝ සඳහා වාර්ෂික බද්ද රු. මිලියන 200 සිට රු. මිලියන 500 දක්වා වැඩි කෙරේ – මෙරට පුද්ගලයන්ගෙන් කැසිනෝ මධ්‍යස්ථාන වෙත ඇතුළුවීමේදී අයකෙරෙන ගාස්තුව ඇ.ඩො. 20ක්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan