‘රටේ අනාගත පරපුරට ගෙවීමට කිසිදු ණයක් මම ඉතිරි නොකරමි’ – අගමැති රිෂි සුනක්

Date:

අතිවිශාල පෞද්ගලික ධනයක් ඇති හිටපු චාන්සලර්වරයෙකු වන රිෂී සුනක් අද(25)දින III චාල්ස් රජු විසින් සිය රජය පිහිටුවීම සඳහා චාර්ත්‍රානුකූලව නිල වශයෙන් පත් කර ඇත.

42 හැවිරිදි නව අගමැතිවරයා එක්සත් රාජධානියේ පළමු වර්ණ අගමැති වන අතර රට මෙහෙයවන පළමු හින්දු ජාතිකයා ද වේ.

අභිනව අගමැති ලෙස ජාතිය අමතා කළ පළමු කතාවේදී රිෂි සුනක් පවසා තිබුණේ තම රජය අනාගත පරපුරට ගෙවීමට ණයක් ඉතිරි නොකරන බවයි.

මෙහිදී නව අගමැති වරයා හිටපු අගමැති ලිස් ට්‍රස් වෙත උපහාර දැක්වු අතර වැරදි සිදු වූ බව පිළිගත්තේය. ඇයට මේ රටේ වර්ධනය කිරීමට තිබූ උනන්දුව උතුම් අරමුණක් බව ප්‍රකාශ කර තිබිණි. රට මේ වන විට බරපතල ආර්ථික අර්බුදයක ඇති බව ප්‍රකාශ කළ අගමැතිවරයා සිදුවූ වැරදි සියල්ල නව අගමැති ලෙස නිවැරදි කරන බව ප්‍රකාශ කර තිබිණි.

සුනක් සිය නායකත්වය යටතේ ක්‍රියාත්මක වන රජය ඊළඟ පරම්පරාවට,ගෙවීමට කිසිදු ණයක් ඉතිරි නොකරන බවට මෙහිදී පොරොන්දු විය.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...