පෑනක් පැන්සලක්වත් මට දීලා නෑ, ඒවාට නිලධාරීන්ට හිටියා – මෛත්‍රීගෙන් චෝදනාවලට පිළිතුරු

Date:

ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබුණු රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ අස්ථානගත වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ජනාධිපති ලේකම් කාර්යාලයේ මම ඉන්න කාලෙත් ඉන් පසුවත් ඇතිවෙච්ච විගණන වාර්තා සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අනුව කෝටි තුනහමාරක බඩු භාණ්ඩ අස්ථානගත වෙලා තියෙනවායි කියලා ප්‍රවෘත්තියක් මම දැක්කා. ඒකත් මට චෝදනාවක් විදියට තමයි දාලා තිබුණෙ. පෑනක් පැන්සලක්වත් ජනාධිපතිවරයාට භාරදීලා නෑ, ඒවා භාරව නිලධාරීන් ඉන්නවා. ප්‍රවෘත්තියේ සඳහන් කරලා තියෙනවා අනුරාධපුරයේ ජනාධිපති මන්දිරයේත් කතරගම ජනාධිපති මන්දිරයේත් රූපවාහිනී අතුරුදන් වෙලා තියෙනවායි කියලා. මාධ්‍ය අංශයේ තමා විශාල වශයෙන් බඩු අතුරුදන් වෙලා තිබෙනවා කියලා කියන්නෙ. මාධ්‍ය අංශයේ විතරක් නෙවෙයි අනික් හැම අංශයකමත් අංශ භාර නිලධාරීන් ඉන්නවා. මම දන්න විදියට මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ භාණ්ඩ ලේඛනය 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයට බාරදුන්නා.

යම්කිසි බඩු භාණ්ඩ හිඟයක් තියෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. මම විගණකාධිපතිතුමාට කතා කරන්න ඉන්නෙ මේ වාර්තාව මට සම්පූර්ණයෙන්ම දෙන්න කියලා. ජනාධිපතිවරයෙක් විදියට සර්කිට් බංගලාවක කබල් රූපවාහිනියක් හෝ මාධ්‍ය ඒකකයේ භාණ්ඩ රැගෙන යන්න තරම් පහතට වැටිච්ච කෙනෙක් නෙවෙයි මම. මම කවදාවත් වංචාවක් දූෂණයක් කරපු නැති කෙනෙක්. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහා මගේ සහයෝගය සම්පූර්ණයෙන්ම තිබෙනවා”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (27) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...