පෝල් පෙලෝසිට මිටියකින් පහර දේ

Date:

එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසිගේ ස්වාමිපුරුෂයා වන 82 හැවැරිදි පෝල් පෙලෝසිට සැන් ෆ්‍රැන්සිස්කෝහි සිය නිවස තුළදී ප්‍රචණ්ඩ ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ සැකකරු 42 හැවිරිදි ඩේවිඩ් ඩෙපේප් ලෙස හඳුනාගෙන ඇති අතර, පෝල් පෙලෝසිට පහර දීමට මිටියක් භාවිතා කර ඇති බව සැන් ෆ්‍රැන්සිස්කෝහි පොලීසිය තහවුරු කර තිබේ. මේ වන විට පෝල් පෙලෝසි හිස් කබලේ බිඳිමක් වෙනුවෙන් සාර්ථක ශල්‍යකර්මයකට මුහුණ දී ඇත.

මිනීමැරීමට තැත් කිරීම, මාරාන්තික ආයුධයකින් පහරදීම, වැඩිහිටි අපයෝජනය, සොරකම් කිරීම සහ තවත් අමතර අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුහට සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රාන්ත බන්ධනාගාරයේ දී නඩු පවරනු ඇත. ප්‍රහාරයට හේතුව තවමත් අනාවරණය වෙමින් පවතිනු ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...