වැඩවර්ජන කරලා රට ආපස්සට අරන් යන අය ගැන බුද්ධි අංශ දාලා හරි හොයන්න ඕන – මිලාන් ජයතිලක

Date:

රටේ සිදුවන උද්ඝෝෂණ, වැඩවර්ජන පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව සොය බැලීමක් සිදුකළ යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා. උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරන්නේ සැබෑ ජනතා ප්‍රශ්න වෙනුවෙන්ද, වෘත්තීයවේදීන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ යාන්ත්‍රණයක්, කමිටුවක් පත්කළ යුතු බවත් උගතුන්, බුද්ධිමතුන් පමණක් නොව බුද්ධි අංශ පවා එම යාන්ත්‍රණයට ඇතුළත් කළයුතු බවත් ජයතිලක මහතා පවසනවා. අදාල යාන්ත්‍රණය පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරනවා.

වසර 72 ක් පුරා රට ආපස්සට යාම සඳහා උද්ගෝෂණ, වැඩවර්ජන ප්‍රබල හේතුවක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ වැඩවර්ජන, උද්ගෝෂණ සිදු කරන පුද්ගලයන්ට රට ආපස්සට හැරවීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...