ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ ඇයි ? – ඇමතිවරයකුගෙන් පැහැදිලි කිරීමක්

Date:

ලාභ ලබන ආයතන කිහිපයක් ද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා වී ඇති අතර එය සමාජය තුළ මහත් කතාබහට සහ විවේචනයට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

“මුලින්ම පාඩු ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෙ. පාඩු ලබන ව්‍යාපාරවලින් අති දැවැන්ත ජනතා මුදල් ප්‍රමාණයක් නැති නාස්ති වෙනවා. ඒ නිසා ඒවා ප්‍රතිව්‍යුහගත කරන අතරම අපට ඩොලර් සංචිත ඉක්මනින් ගොඩනඟා ගැනීම අවශ්‍යයයි. ආර්ථික න්‍යායයක් වශයෙන් ඩොලර් සංචිත ප්‍රමාණය අපි වැඩිකර ගත්තොත් අපට ආර්ථිකය ස්ථාවර කරගැනීමට එය ඉතාමත්ම උදව් වෙනවා. ඒ නිසා තමයි ටෙලිකොම් වැනි ආයතන අපි ලාභ ලැබුවත් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමක් තවදුරටත් කරලා, ඒ ලැබෙන ඩොලර් අපි එදිනෙදා පරිභෝජනය සඳහා ගන්නෙ නෑ. එතුමා ඒක ඉතා පැහැදිලිව කියලා තියෙනවා, ඒවා ඩොලර් සංචිතය ගොඩනැංවීම සඳහා අපි යොදාගන්නවා කියලා. මෙන්න මේ ආර්ථික ක්‍රමෝපාය හුඟක් අයට වැටහිලා නෑ. ඩොලර් සංචිතය ඉක්මනින් ගොඩනැඟීමේ ක්‍රියාවලියක් හැටියට තමයි ලාභ ලබන ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සැලසුම් කරලා තිබෙන්නෙ. මේ පාඩු ලබන ආයතන පමණක් නෙවෙයි, වඩාත් ලාභ උපයන්නට පුළුවන් සුළු ලාභ ලබන ආයතන පවා ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ ඒම සඳහා”

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...