දේශබන්දු අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Date:

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා නීතීඥයකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාව සැකකරුවෙකු වශයෙන් නම් කර, ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි මෙම පෙත්සමෙන් අයදුම් කර ඇත.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ගෝල්ෆේස් අරගලයට සහාය දැක්වූ නීතීඥයකු වන රාමලිංගම් රංජන් මහතා විසිනි.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...

ලංකාවට වැටෙන්නේ පුල්ටොස් එකක්ද – යෝකර් එකක් ද?

සටහන - නිෂ්මං රණසිංහ ජනවාරි 14, LNW (කොළඹ): ලෝක කුසලානය...

” Dambulla Bustaurant” නමින් නව බස් රථ සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : දඹුල්ල, සීගිරිය සංචාරක...

මේ ආණ්ඩුව ඉදිරියට යන්නෙ රිවර්ස් එකේ !

උපාලි කොළඹගේ කොළඹ LNW:6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සිටි අධ්‍යාපන...