පැය 04 ක විදුලි කප්පාදුවකට සුදානම් වෙන්න – විදුලි ඉංජිනේරුවන් ජනතාවට කියයි

Date:

විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඉදිරියේදී දෛනිකව පැය 04 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. පැය 04 ක විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එසේ වුවහොත් විදුලිබල මණ්ඩලය තවත් අර්බුදයට යන බවත් එම සංගමය පවසනවා.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසන්නේ දැනට විදුලිබල මණ්ඩලය සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් පමණක් බවයි. එම ප්‍රමාණය දින 03 ක විදුලි උත්පාදන කටයුතු සඳහා පමණක් ප්‍රමාණවත් වන අතර මණ්ඩලය සතු දැවිතෙල් දින 22 කට පමණක් ප්‍රමාණවත් වන බවද කුමාරවඩු මහතා සඳහන් කරනවා.

ජල විදුලි උත්පාදන කටයුතු ද මේ වනවිට පහත වැටී ඇති අතර කෘෂිකාර්මික කටයුතු, පානීය ජල අවශ්‍යතා, පාරිසරික අරමුණු සඳහා ජලාශ සතු ජලය කළමනාකරණය කිරීමේදී විදුලි උත්පාදනය සඳහා යොදාගත හැකි ජල ප්‍රමාණය අවම වී තිබෙනවා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ දැනට විදුලි නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ජල ප්‍රමාණය අඛණ්ඩව නිකුත් කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙන බවයි.

මේ වනවිට ගල්අඟුරු භාවිතා කර විදුලිය නිෂ්පාදනයද අර්බුදයට ගොස් තිබේ. විටින් විට නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බිඳවැටීම් මෙන්ම ගල්අඟුරු තොග සපයා ගැනීමේ අර්බුදයකටද විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...