බැසිල් රාජපක්ෂට එරෙහිව නඟන ගුවන්තොටුපලේ බිල්පත් කතාව අමූලික බොරුවක් – සාගර

Date:

? ඒ පිළිබඳව අදහස් දක්වන නීතීඥ සාගර කාරියවසම් මහතා –

” පුද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා යලි දිවයිනට පැමිණියේය. නැවත පැමිණීමට අදාළව ගුවන්තොටුපල කටයුතු සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතින බව අපට නිරීක්ෂණය විය. අපගේ මෙම කාරුණික ප්‍රතිචාරය ඊට අදාළ සත්‍ය තොරතුරු අනාවරණය කිරීම සඳහායි.

ප්‍රථමයෙන් අප අවධාරණය කර සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය භාවිත කර ඇත්තේ ඊට අදාළ සම්මතයන්ට යටත්ව සහ සියලු නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් බව හෝ අසම්මත කිසිවක් එහි දී සිදු නොවුණු බව අප තරයේ කියා සිටින්නේ ඊට අදාළව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියත් , සීමාසහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නිකුත් කරන ලද ලිපි ලේඛන ද මේ සම්බන්ධ සමග ඉදිරිපත් කරමි.

බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමේදී ගුවන් තොටුපලෙහි ප්‍රභූ පර්යන්ත භාවිතා කළ අතර ඒ සඳහා නියමිත ගාස්තුව මුදල ගෙවා ඇත. එතුමන් ගේ භාර්යාවද එතුමන් සමග පැමිණි බැවින් එක් අයෙකුට ඇමෙරිකානු ඩොලර් 200 බැගින් ඩොලර් 400ක් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම වෙත ගෙවා ඇත. පිටත්වීමේදී හෝ පැමිණීමේ දී ඕනෑම ගුවන් මගියෙකු ට කටුනායක ගුවන්තොටුපල හි ප්‍රභූ පර්යන්තය මුදල් ගෙවා භාවිත කළ හැකි බව අප සැම දෙනා දන්නා කරුණකි. එබැවින් එය කිසිසේත්ම අනීතික හෝ අසම්මත සිදුවීමක් නොවේ.

දෙවැනි කරුණ අදාළ වන්නේ බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම වෙනුවෙන් පැමිණි උදවිය සඳහා කරන ලද තේ පැන් සංග්‍රහයයි. බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බව සැලවීමෙන් එතුමන් පිළිගැනීම සඳහා පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි අතර, ඉන් කිහිප දෙනෙකු අවසර සහිතව ප්‍රභූ පර්යන්තය ආලින්දය වෙත පැමිණ තිබුණි. එලෙස පැමිණි කීපදෙනා සඳහා තේ පැන් සංග්‍රහය ලබාදී ඇති අතර ඊට අදාල බිල්පත ද බැසිල් රාජපක්ෂ මහතා ගේ පාර්ශවයන් පාර්ශවයෙන් නිසි පරිදි ගෙවා ඇත. එම බිල්පත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ගෙවූ බවට ප්‍රචාරය වන තොරතුර මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය තොරතුරකි. අවසාන වශයෙන් අප අවධාරණය කරනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය භාවිතා කිරීමේදී රජයට හෝ වෙනත් ආයතනයකට කිසිදු ආකාරය අලාභයක් හෝ අකටයුතු දෙයක් සිදුවී නොමැති බවයි.

ලෙස නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටී.

රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...