පැනයාමේ පටු අදහසකින් මම ධූරයෙන් ඉල්ලා අස්වුණේ නෑ – අජිත් නිවාඩ් කබ්රාල්

තමන් මහ බැංකු අධිපතිධූරයෙන් ඉල්ලා අස්වූයේ පැනයාමේ පටු අදහසකින් නොවන බව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

කැබිනට් මණ්ඩලයක් ඉල්ලා අස් වූ මොහොතක මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නෛතික අවශ්‍යතාවක් නොවුණත් ඒ මොහොතේ පැවති තත්ත්වය මත සදාචාරාත්මක තීරණයක් ලෙස තමන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර බවයි කබ්රාල් මහතා සඳහන් කරන්නේ.

එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මහබැංකු අධිපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කරයි.

”මම ඒ වෙලාවේ ජනාධිපතිතුමාට අවස්ථාවක් ලබා දුන්නා .ඒ වෙලාවේ ජනාධිපතිවරයාට අවශ්‍යතාවය තිබුණෙ මුළු කැබිනට් එකම ගෙදර යවන්න. ජනාධිපතිතුමා ඒ වෙලාවේ බොහොම පැහැදිලිව අගමැතිවරයාට පවසා තිබුණා මුළු කැබිනට් එකටම අස්වෙන්න කියන්න කියලා. අගමැතිවරයාත් මට ඒ බව දැනුම් දුන්නා. මම ඒ මීටින් එකටත් ගියා. අගමැතිවරයාගේ ඉල්ලීම් අනුව මට තේරුණා එතන තිබුණු අවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා කියලා තිබ්බේ හැමෝටම අයින් වෙන්න කියලා. මම හිතුවා මම විතරක් මොකටද ඉන්නේ කියලා. මම කැබිනට් අමාත්‍යවරයෙක් නොවන බව මම දන්නවා. නමුත් ඒ අවස්ථාවේ මගේ තර්කය තමයි යන්න කියලා කියපු නිසා මමත් මගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දුන්නා.

ඒ මොහොතේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් මාව ගෙදර යවන්නටත් පුළුවන්,නැතිනම් වෙන අයකු පත් කරන්නටත් පුළුවන්. කැබිනට් මණ්ඩලයක් ඉල්ලා අස්වූ අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයෙකු ද ඉල්ලා අස්වීම පිළිබඳ ඉතිහාසයේ සඳහන් නොවූවත්, එසේ කිරීමට නෛතික අවශ්‍යතාවයක් නොවුවත්,සදාචාරාත්මකභාවයක් ඒ තුළ තියෙනවා. ඒ වෙලාවේ අපි ජනාධිපතිවරයාට ඉඩ දෙන්න ඕන. එතුමාගේ ඒ මොහොතේ තිබූ එම අදහසට ඉඩ දිය යුතුයි. බොහෝ අය දොස් කියන්නේ නොයා සිටීම පිළිබඳව වුවද, මම ගියාමත් දොස් පවරන්නේ ඇයි?

මම ගියාට පසු වෙන කෙනෙක් ගෙනැවිත් එම කටයුත්ත මේ වන විට කරගෙන යනවා. ජනාධිපතිවරයා මට අයින් වෙන්නෙ කියලා කිව්වේ නෑ. නමුත් ඒ මොහොතේ සිදු කළ යුතු දේ තමයි ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දීම. එතුමාට මගේ අවශ්‍යතාවයක් තිබුණා නම් නෑ ඔබ යන්න එපා ඉන්න කියලා කියන්න තිබුණා. මම මගේ හෘද සාක්ෂියට අනුව ඒ මොහොතේ තිබුණු වටපිටාව අනුව, මම ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදුන්නා මම යනවා ඔබතුමා කැමතිනම් මාව තියාගන්න පුළුවන් නැතිනම් මාව අයින් කරලා වෙන කෙනෙක් ට අවස්ථාව දෙන්න කියලා.

එසේ නොමැතිව එනපොට හොඳ නෑ මේක කරගන්න බෑ කියලා හිතලා මම අයින් උනා නොවෙයි. එවැනි පටු අදහස් ඇති පුද්ගලයන් වෙනුවෙන්මයි මම මේ ආර්ථික ඝාතකයින් පිළිබඳ පොත ලිව්වේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...