ආර්.එම්.වී කාක්කෝ …

Date:

නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටි තැරැව්කරුවන් විසි දෙදෙනකු ඊයේ (23 දා) අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් සතුව තිබී ව්‍යාජ රබර් මුද්‍රා, ව්‍යාජ ලිපි ලේඛන ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට තැරැව්කරුවන්ගේ පාරාදීසයක් බවට ලැබී තිබූ තොරතුරු මත මෙම වැටලීම කළ අතර ඒ සඳහා බොරැල්ල, කුරුඳුවත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද එක්ව සිටියහ.

මෙම තැරැව්කරුවන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටිමින් පාරිභෝගිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන කූට ලේඛන සැකසීම, ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු දූෂණ ක්‍රියා රැසක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...