ආර්.එම්.වී කාක්කෝ …

නීති විරෝධී ක්‍රියාවල නිරත වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටි තැරැව්කරුවන් විසි දෙදෙනකු ඊයේ (23 දා) අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් සතුව තිබී ව්‍යාජ රබර් මුද්‍රා, ව්‍යාජ ලිපි ලේඛන ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට තැරැව්කරුවන්ගේ පාරාදීසයක් බවට ලැබී තිබූ තොරතුරු මත මෙම වැටලීම කළ අතර ඒ සඳහා බොරැල්ල, කුරුඳුවත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද එක්ව සිටියහ.

මෙම තැරැව්කරුවන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව අවට රැඳී සිටිමින් පාරිභෝගිකයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන කූට ලේඛන සැකසීම, ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු දූෂණ ක්‍රියා රැසක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...