වීඩියෝව සහ ඡායාරූප පිළිබඳව ආශු මාරසිංහගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

Date:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා තමන් සම්බන්ධයෙන් පැතිර යන වීඩියෝව සහ ඡායාරූප පිළිබඳව අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිය නීතීඥවරයා සමග පිටතට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත පැවසුවේ අදාළ වීඩියෝ පටය සහ ඡායාරූප සියල්ලම සංස්කරණය කරන ලද ඒවා බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ද ඒ මහතා ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ නීතීඥවරයා මාධ්‍ය වෙත වැඩිදුර කරුණු ප්‍රකාශ කළේය.

එම නීතීඥවරයා පැවසුවේ ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ ආදර්ශා කරඳන නම් කාන්තාව සහ ආශු මාරසිංහ මහතා අධ්‍යක්ෂ ධුර දරණ සමාගමක ආරවුලක් ඇතිවී තිබුණු බවත් ඒ වෙනුවෙන් ඇය මාරසිංහ මහතාගෙන් විශාල මුදලක් ඉල්ලා ඇති බවත් ය. එවන් පසුබිමක ඇය මෙවැනි අසත්‍ය සහ පිළිකුල් සහගත තර්ජනයක් සිදුකර ඇති බවත් ඒ තර්ජනය සම්බන්ධයෙන් මාරසිංහ මහතා අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවත් නීතීඥවරයා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...