විවේචකයින්ට විපක්ෂ නායක සජිත්ගෙන් ආරාධනයක් ! (VIDEO)

Date:

මේ අසීරු අවස්ථාවේ ප්‍රායෝගිකව රටට වැඩකොට පෙන්නන්නයි විවේචකයින් ට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවේචනය කිරීම පහසු බවත්, විවේචනය කරන්නන් වැඩ නොකරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා, නිස්කාරණේ කිසිවකුත් කරනු ලබන විවේචන වලට තමන් නොසැලෙන බව ද සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ උපනූපන් මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 53 වැනි අදියර සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, පසුගියදා (28) අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයට පරිත්‍යාග කරමින්.

“විවේචනය කිරීම, අවලාද නැගීම සහ හෙළා දැකීම – බොහෝ මෝඩයන්ට කළ හැකි නමුත් අවබෝධය සහ වැඩ කිරීම හැමෝටම කළ නොහැකි යැයි ඩේල් කානගී පවසා ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, “ඔබ කරන්නේ නිවැරදි දෙය නම් කිසි විටෙකත් පැහැදිලි නොකරන්න, කිසි විටෙකත් ඉල්ලා අස්කර නොගන්න, කිසිවිටෙකත් සමාව නොයිල්ලන්න. එහෙත් ඔවුන්ට කෑගැසීමට ඉඩ දෙන්න.ඔවුන්ට කළ හැක්කේ එපමණකි” යනුවෙන් නෙලී මැක්ලං පවසා ඇතැයිද කීය.

ඉතිහාසයේ කිසි දිනක විපක්ෂයක් රටට අගයක් එකතු කළ අවස්ථා දැකිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඉතිහාසයේ පළමු වතාවට එය සිදු කළේ සමගි ජන බලවේගය යැයිද පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...