ෆුමියෝ කිෂිඩා ජනවාරි 13 බයිඩන් හමුවෙයි.

Date:

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ජපානයේ ආරක්ෂාව ගොඩනැගීම සහ ද්විපාර්ශ්වික සන්ධානය ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජෝ බයිඩන් හමුවීමට එළැඹෙන ජනවාරි 13 වැනිදා වොෂින්ටනයට පැමිණීමට සැලසුම් කර ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියානු ජනාධිපතිවරයා නිරන්තරයෙන් කිසිදු දැනුම් දීමකින් තොරව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමත් චීනය විසින් තායිවානය වෙනුවෙන් මිලීටරි බලය යෙදවීම ආදී කරුණු හේතුවෙන් කලාපීය වශයෙන් ආතතීන් දිනෙන් දින වැඩිවීම ජපානය දැඩි ආරක්ෂක පිලිවෙතකට යාමට මූලින හේතූන් වේ.

මෙම සංචාරය කිෂිඩාගේ පළමු ධවල මන්දිරයේ සංචාරය වේ. මෙම සංචාරයේදී ජපානය සහ එක්සත් ජනපදය ජනවාරි මාසයේදී ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක ප්‍රධානීන් අතර “ටූ-ප්ලස්-ටු” ආරක්ෂක සංවාදයක් පවත්වනු ඇත. එමෙන්ම මෙහිදී 2027 මූල්‍ය වර්ෂය වන විට ජපානයේ ප්‍රති-ප්‍රහාරක හැකියාව වර්ධනය කර ගැනීම ආදී ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගණනාවක් ගැනීමට සූදානම් බව පැවසේ.

එළඹෙන මැයි මාසයේදී G7 සමුළුව සඳහා ජපානය සත්කාරකත්වය දරන අතර අගමැතිවරයා යුක්රේන යුද්ධය, බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව සහ අනෙකුත් මාතෘකා සෙසු නායකයින් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන බව අනාවරණය වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...