ගුවන් හමුදාවෙන් හිටපු එස්එස්පී ට ටකල් එකක්; පොලිසියෙන් ගුවන් හමුදාවට ප්‍රහාරයක්

Date:

රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රයේදීම ජනවාරි හයවන දා පැවති තරගයේදී, ගුවන් හමුදාවට එරෙහිව පොලිස් කණ්ඩායම මෙවර තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.මෑත කාලයේ විශාල ප්‍රගතියක් පෙන් වූ කණ්ඩායමක් හැටියට කැපී පෙණුන ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරාජයට අමතරව මේ තරගය ඇරඹීමටත් පෙරාතුව තරග සංවිධාන කමිටුවේ තීරණයකට පසුපස හරවමින් තවත් කැළලක් ද සිය කණ්ඩායමට එක් කර ගැනීමට සමත් විය.


තරග සංවිධායක කමිටුව මඟින් මේ සතියේ තරග සඳහා ආරාධිතයන් නම් කර ප්‍රසිද්ධ කර තිබියදී,මෙම තරගයට නම් කර තිබූ ප්‍රධාන ආරාධිතයා වූ හිටපු ජෙෂ්ඨ පොලිස් අධිකාරි සුනිල් සහබන්දුව,ප්‍රධාන ආරාධිතයා සේ පිළි නොගනිමින් කටයුතු කිරීම නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් වර්ණවත් වන තරගාවලිය අව පැහැ ගැන්වීමකි.රජයේ හමුදාවක කණ්ඩායමක් ඒ ආකාරයට පුද්ගලයින් අපහසුවට පත් කිරීම,පොදු එකඟතාවන් නොතකා හැරීම වැනි කරුණු කෙරෙහි සම්බන්ධවීම, යහපත් ක්‍රියාවක් හැටියට පිළිගත නොහැකිය. එම ක්‍රියාව ගුවන් හමුදාපතිවරයා ප්‍රමුඛ ගුවන් හමුදාව නියෝජනය කරන්නක් ලෙස මිස,එහි වගකීමක් භාර නිලධාරියෙකුගේ පෞද්ගලික ක්‍රියාවක් ලෙස ගත නොහැකි එකකි.
තරගයේ මුල් භාගයේ දීම පෙරමුණ ගත් පොලිස් කණ්ඩායම පළමු අර්ධය නිමා කළේ ලකුණු 21 – 10 ක් ලෙසයි.දෙවන අර්ධයේදී ගුවන් හමුදාව සිය ආරක්ෂක පෙළ දැඩිව, ශක්තිමත්ව පොලිස් ප්‍රහාරය නැවත් වූ නමුත් පළමු අර්ධයේ තබා ගත් ආරක්ෂාව දෙවන අර්ධයේදී ද ලිහිල් නොකරන්නට පොලිසිය ද වග බලා ගත්තේය.පළමු අර්ධයේදී ගුවන් හමුදාව ලබා ගත් ලකුණු වලින් අඩක් පමණක් රැස් කරන්නට ඉඩ තිබුණු පොලිස් ආරක්ෂාවේ දැඩි බව නිසා තරගය හමාර වන විට ලකුණු පූවරුව සටහන් වූයේ 21 – 15 ක් ලෙස ය.


දෙවන අර්ධයේදී ගුවන් හමුදාව ලකුණු 5 ක් පමණක් රැස් කරමින් පොලිසියේ ලකුණු යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කළත් පළමු අර්ධයේදි ලකුණු 11 න් ඉදිරියෙන් සිටි පොලිසියට මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය අත්වීම නැවත්වීමට ගුවන් හමුදාව අසමත් විය.ඒ අනුව ගුවන් හමුදාව,මෙවර තරගාවලියේ සිය හතරවන තරගය නිමා කළේ ලැබූ තෙවන පරාජය සටහන් කර ගනිමින්ය.සහභාගි වූ තරග තුනම පරාජයට පත් වී සිටි මෙවර තරගාවලියේ ජයග්‍රහණයක් නොමැති එකම කණ්ඩායම සේ සිටි පොලිසියට, පරාජයන් තුනකට පසුව මේ තරගයේදී ජයග්‍රහණය මුණ ගැසිණි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...