තැපැල් දෙපාර්තමේන්තුවට අපගෙන් යෝජනාවක්

Date:

ජනතාවගේ අස්ථානගත වූ වටිනා ලියකියවිලි නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ එම හිමිකරුවන්ට ලබා දීමට කටයුතු කිරීම හරහා තමන් දැනට සිදු කරන සේවයට අමතරව තවත් සේවාවක් ඉටුකිරීමට හැකි මඟක් පිළිබඳව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අප යෝජනාවක් ඉදිරිපත් කර සිටිමු.

ඔබ අප කවුරුත් බොහෝ විට දන්නා පරිදි තමන්ගේ නැති වූ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, බැංකු පොත් ඇතුළු පෞද්ගලික වටිනා සහ අත්‍යවශ්‍ය කාඩ්පත් නැවත අලුතින් සකස් කරගැනීමට හෝ අනුපිටපතක් ලබා ගැනීමට යාමේදී බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ.

ඇතැම්විට තමන්ගේ මුදල් පසුම්බියේ හෝ අත්බෑගයේ හෝ පෞද්ගලිකව වටිනා ඉහත කී දෑ තැබීම සාමාන්‍ය ජනතාවගේ සිරිතය. මෙසේ තබා ගන්නා වටිනා ලියකියවිලි අස්ථානගතවීම හෝ සොර සතුරන් හෝ අතට පත් වූ විට සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකු දැඩි සිත් වේදනාවකට පත්වේ. ඒවා නැවත සකස්කර ගැනීමට යෑමේදී තවත් අපහසුතාවයන්ට ඕනෑම පුද්ගලයෙකුට මුහුණදීමට සිදුවේ.

තමන්ගේ නැති වූ බොහෝ වටිනා ලියකියවිලි, කාඩ්පත් සොර සතුරකු අතට පත් වූයේ නම් හෝ මහමඟ වැටී තිබුණේ නම් ඒවා අහුලා ගන්නා අය ඇතැම්විට එම ලියකියවිලි තැපැල් දෙපාර්තමේන්තුවේ රට පුරා පිහිටි කාර්යාලවලට හෝ ලියුම් පෙට්ටියකට දමා යෑම සාමාන්‍යයෙන් සිදුකරන බවට සමාජයේ මතයක් තිබේ. එසේ කරන අවස්ථා ද බොහෝය. මේ අන්දමට තැපැල් දෙපාර්තමේන්තුවේ ගම් නගර මට්ටමේ පිහිටා තිබෙන කාර්යාල වෙත ජනතාවගේ නැති වූ වටින ලියකියවිලි ලැබී තිබේනම් ඒවා එම ලිපිනයන්ගේ අයිතිකරුවන් වෙත භාර දීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව දැනට සිදු කරන කාර්යයන්ට අමතරව ක්‍රියාකළ ‍‍හොත් වටිනා බව අපගේ යෝජනාවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...