මැතිවරණයට හිතාමතා බාධා කරන රාජ්‍ය නිලධාරීන් අවුරුදු 3ක් හිරේ යවනවා – අනුර (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණයට හිතාමතා බාධා කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නඩු පවරා ඔවුන්ට වසර තුනක සිර දඬුවම් ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙන්නෙකුට මරණ තර්ජන. දුරකථනයෙන් මරණ තර්ජන කරලා තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවටත් කියනවා කරුණාකරලා ඒ තර්ජන කළේ කවුද කියලා හොයාගන්න. පොලීසියෙ මහත්තුරු පුළුවන් නම් රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න. මෑනුත් ෂුවර් නෑ මේ වැඩේට. මොකද ඒ තරම් වියරුවෙන් ඉන්නේ. ඡන්දයක් තියාගන්න බැරි තරමට භාණ්ඩාගාරය හින්දුවා නම් ඒ නිසාම තමයි ඡන්දය ඕනෙ. එන හැම නායකයාම භාණ්ඩාගාරය හින්දනවා. හින්දලා කියනවා ඡන්දෙ තියාගන්න සල්ලි නෑ, ඉතුරු ටිකත් මමම ඉන්නම් කියලා. මොන මජර කතාද මේවා ?

පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා ඡන්දෙට සල්ලි දෙනවා කියලා. දැන් පුළුවන්ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදී ඉන්න ? මතක තබාගන්න, භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතා කරන ලද බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් කළොත් අවුරුදු 3ක් හිරේ. මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා … දැන් ඔය නීල් හපුහින්න ඇරියානෙ ලියුමක් දිසාපතිවරුන්ට ඇප මුදල් භාරගන්න එපා කියලා. ඒක ඡන්දෙට බාධා කිරීමක්. හරියට නඩු අහනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, අවුරුදු 3ක් හිරේ. ඒක නිසා ක්‍රියාත්මක කරන්න එපා නීතිවිරෝධී තීන්දු”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) කොළඹදී පැවති ජන රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...