මැතිවරණයට හිතාමතා බාධා කරන රාජ්‍ය නිලධාරීන් අවුරුදු 3ක් හිරේ යවනවා – අනුර (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණයට හිතාමතා බාධා කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නඩු පවරා ඔවුන්ට වසර තුනක සිර දඬුවම් ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙන්නෙකුට මරණ තර්ජන. දුරකථනයෙන් මරණ තර්ජන කරලා තියෙනවා. අපි රනිල් වික්‍රමසිංහටත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවටත් කියනවා කරුණාකරලා ඒ තර්ජන කළේ කවුද කියලා හොයාගන්න. පොලීසියෙ මහත්තුරු පුළුවන් නම් රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න. මෑනුත් ෂුවර් නෑ මේ වැඩේට. මොකද ඒ තරම් වියරුවෙන් ඉන්නේ. ඡන්දයක් තියාගන්න බැරි තරමට භාණ්ඩාගාරය හින්දුවා නම් ඒ නිසාම තමයි ඡන්දය ඕනෙ. එන හැම නායකයාම භාණ්ඩාගාරය හින්දනවා. හින්දලා කියනවා ඡන්දෙ තියාගන්න සල්ලි නෑ, ඉතුරු ටිකත් මමම ඉන්නම් කියලා. මොන මජර කතාද මේවා ?

පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා ඡන්දෙට සල්ලි දෙනවා කියලා. දැන් පුළුවන්ද භාණ්ඩාගාර ලේකම්ට සල්ලි නොදී ඉන්න ? මතක තබාගන්න, භාණ්ඩාගාර ලේකම් සල්ලි නොදී ඉන්නවා නම් එය මැතිවරණයට හිතාමතා කරන ලද බාධාවක්. මැතිවරණයට හිතාමතා බාධාවක් කළොත් අවුරුදු 3ක් හිරේ. මතක තියාගන්න සිරිවර්ධන මහත්තයා … දැන් ඔය නීල් හපුහින්න ඇරියානෙ ලියුමක් දිසාපතිවරුන්ට ඇප මුදල් භාරගන්න එපා කියලා. ඒක ඡන්දෙට බාධා කිරීමක්. හරියට නඩු අහනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, අවුරුදු 3ක් හිරේ. ඒක නිසා ක්‍රියාත්මක කරන්න එපා නීතිවිරෝධී තීන්දු”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (20) කොළඹදී පැවති ජන රැළියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...