විදුලි බිල සියයට 250කින් වැඩි වෙනවා. ජනතාව දැඩි පීඩනයක – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

මීට පෙර තමා අනාවැකි පළ කළා සේ විදුලි බිල නැවත වැඩි වූ බවත් තමා සිතා සිටියේ විදුලි බිල සියයට 75කින් වැඩි වෙනු ඇති වුවත් එය සියයට 250කින් වැඩි වීමට නියමිත බවත් මේ නිසා සියලු කර්මාන්තකරුවන් ව්‍යාපාරකරුවන් සියලු දෙනාම අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ආණ්ඩුව දන්නේ බඩු මිල වැඩි කිරීම, බදු බර වැඩි කිරීම, පොහොර මිල වැඩි කිරීම බවත් එබැවින් ගොවියා, ව්‍යාපාරිකයා ඇතුළු ජනතාවගේ ජීවිත විනාශ කළ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව පළවා හැරිය යුතු බවත් ද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එසේ ම එක්තරා කණ්ඩායමක් හොඳටම කළ හැකි බවට රට පුරා කියාගෙන යන බවත් 2019 දී ද හොඳටම කරනවා කියා පැමිණි පුද්ගලයා රට විනාශ කළ බවත් එබැවින් උනුත් එකයි මුනුත් එකයි කියා චාටු බස් කිය කිය පැමිණෙන ඒ රතු පාට සමාජවාදීන් 71, 88 කාලයේ ගෙවල් ගිනි තියා, මිනි මරා, චිට් එකකින් රට පාලනය කළ යුගය කිසිසේත්ම අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරු අල්ලනවා යැයි කියන රතු සහොදර වරු 2005 රාජපක්ෂවරු බලයට ගෙන ඒමට කටයුතු කළ බැවින් ඔවුන් අල්ලන හොරෙක් නොමැති බවත් එබැවින් 2019 මෙන් නැවතත් රැවටීමට ලක් නොවන ලෙසත් එසේ වුවහොත් රට විනාශ මුඛයට යාම වැළැක්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගම්පොළ නගරයේ පැවැති ජන හමුවක් ඇමතීමේ අවස්ථාවට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය