ඥානසාර හිමි වැඩ පටන් ගනී – ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි

රජයේ පාසල්වල 06,07,10,11 යන ශ්‍රේණි සඳහා මුද්‍රණය කර ඇති ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් මුද්‍රිත මෙම පෙළපොත් සංශෝධනය කරන තෙක් සිසුන් අතට පත් නොකරන්නැයි එම දෙපාර්තමේන්තුව සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පෙළපොත් ආපසු කැඳවීමට තීරණය කර තිබෙන්නේ එක රටක්-එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සහ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ උපදෙස් මතයි. අදාල පෙළපොත්වල පිළිකුල් සහගත වචන අඩංගු වී ඇති බැවින් එම පොත් ළමුන් අතට පත් කිරීම යෝග්‍ය නොවන බව ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ප්‍රකාශ කර තිබේ.

එක රටක්-එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉස්ලාම් පෙළපොත් සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළකර තිබිණි.

UN

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *