අපේ රටේ භික්ෂු ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ කුණු බක්කියට වැටෙනවාලු

Date:

ඉන්දියාවේ වැඩි කලක් වැඩ වෙසෙමින් එහි බෞද්ධ ආයතනයක් හා සබැඳියාවක් පවත්වන ශ්‍රී ලාංකේය හිමි නමක් පසුගිය දා මා හට දුරකථන ඇමතුමක් දී විශේෂිත පුවතක් ගෙන හැර දැක්වීය. එනම් මේ වන විට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භික්ෂුව පිළිබඳ ප්‍රතිරූපය බරපතල ලෙස විනාශ වෙමින් පවතින බවකි.

නිර්මල ථේරවාදී බුදු සසුන පවතින බවට ඉන්දියාව තුළ පවා යම් පිළිගැනීමකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ භික්ෂුන් ගේ වීදි සටන්,ආවේගාත්මක හැසිරීම් ආදිය සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ ඉන්දීය ජන මාධ්‍යවල පවා නිරතුරුව ප්‍රචාරය වීම මත මෑතක් වන තෙක් ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව මුල් කොට ඉන්දියානුවන් තුළ පැවැති ගෞවරනීය හා ප්‍රසාදනීය ආකල්ප මේ වන විට ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින බව ඒ හිමියන් ගේ අදහස විය.

මෙය ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂු ප්‍රතිරූපය සුනු විසුනු කර ගැනීමට කිසියම් බාහිර බලවේගයක් විසින් දරනු ලබන උත්සාහයක් ද යන සැකය පවා තමන් තුළ හටගෙන ඇති බව ඒ හිමියෝ කීහ.

එමෙන්ම ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව සම්බන්ධ මෙම ඛේදනීය තත්වය සම්බන්ධයෙන් අප සමාජය දැනුවත් කිරීම අතිශයින් වැදගත් බව ද ඒ හිමියෝ කීහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...