දුම්රිය එන්ජින් රියදුරන්ගේ හිඟයක්

Date:

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ , දුම්රිය ප්‍රමාද වීම් සහ අවලංගුවීම් තවදුරටත් සිදුවිය හැකි බවයි.

විශ්‍රාම ගිය රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමද තවදුරටත් ප්‍රමාද වන බව එහි සභාපති කේ.ඊ.යූ. කොන්තසිංහ මහතා පැවසීය .

ඊට හේතුවී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයින් මෙතෙක් පත් නොකිරීම බවද ඔහු පවසයි . දුම්රිය රියදුරන් 44 දෙනෙකුගේ පමණ අවශ්‍යතාවයක් පවතින බවද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි .

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය සේවයේ මෙම තත්ත්වය උද්ගත වූ බවයි දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්.ජේ. ඉදිපොලගේ පැවසූ අතර දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ අතිකාල දීමනා ගෙවීම සීමා කිරීම හේතුවෙන්ද දැනට රාජකාරී සිදු කරන රියදුරන් සේවයට වාර්තා කිරීම සීමා කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...