නියුමෝනියාව වැළඳීම හේතුවෙන් ලූලාගේ චීන සංචාරය කල් යයි

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාහට නියුමෝනියාව වැළඳීම හේතුවෙන් දින නියමයකින් තොරව චීන සංචාරය සහ ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා ඇති බව ජනාධිපති මන්දිරය වාර්තාකර තිබේ.

බ්‍රසීලයේ විශාලතම වෙළඳ සහකරු වන චීනයට දින හයක සංචාරය සංචාරයක් සංවිධානය කර තිබූ අතර ලූලා සමඟ අමාත්‍යවරුන්, සෙනෙට් සභිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරිකයන් සිය ගණනකින් යුත් දූත පිරිසක් ජනාධිපතිවරයා සමඟ යාමට නියමිතව තිබුණි. මෙම සංචාරයේදී වෙලඳාම ශක්තිමත් කිරීම සහ යුක්රේනයේ යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කර තිබිණි.

හිටපු ජනාධිපති අන්ත දක්ෂිණාංශික නායක ජෙයාර් බොල්සොනාරෝගේ කාලයේදී බ්‍රසීලය හා චීන සබඳතා පලුදු වී ගොස් තිබූ අතර එය නැවත ද්වී පාර්ශවීය වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම මෙම සංචාරයන්ගෙන් අපේක්ෂා කෙරේ.

77 හැවිරිදි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන්ෆ්ලුඑන්සා උණ වැළඳීමත් සමඟ රෝගී තත්වය අනාවරණය වූ අතර සංචාරය නැවත සැළසුම්කරන ලෙස චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මන්දිරය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට මහමග බිහිසුණු වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...