පැරා වීසි කරන්නෝ ක්ව්න්ස්ලන්තයට

Date:

ඔස්ට්‍රේලියාවේ බ්‍රෙස්බේන් ආශ්‍රිතව ඇති ක්ව්න්ස්ලන්තයේ, ක්වින්ස්ලන්ත ක්‍රිඩා හා මලල ක්‍රිඩා මධ්‍යස්ථාන ජවන හා පිටිය ක්‍රිඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් මාර්තු 30 සිට අප්‍රේල් 2 වන දා දක්වා පැවත්වෙන ඔස්ට්‍රේලියානු විවාත සහ අවුරුදු 20 න් පහළ ජාතික මලල ක්‍රිඩා සූරතාවලියට ඇතුළත් කර ඇති පැරා ඉසව්වන් හි හෙල්ල වීසි කිරීම සහ කවපෙත්ත විසිකිරීමේ තරග සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා පැරා වීසි කරන්නන් තිදෙනෙකුට අවස්ථාව හිමි වි ඇත.
ප්‍රදීප් නිශාන්ත යටතේ පුහුණුව ලබන පැරා ඔලිම්පික් පදක්කම්ලාභින් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ඒ අනුව හෙල්ල වීසි කිරිමේ තරග නියෝජනය කරන අතර මේ දෙදෙනාම අදාළ ඉසව්වන් හී ලෝක වාර්තා තැබීමට තරම් දක්ෂතා දැක් වූවෝ වෙති.දිනේෂ් පරා ඔලිම්පික් රන් පදක්කමද සමිත පැරා ඔලිම්පික් රිදි පදක්කමද තමන්ගේ ඉසව්වලින් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් පදක්කම් ලේඛණයේ ස්වර්ණමය මතකයන් ඉතිරි කළ ක්‍රීඩකයෝය.

කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පැරා පොදු රාජ්‍ය මණ්ඩලීය රිදි පදක්කම දිනා දීමට පාලිත බණ්ඩාර සමත් විය.තිදෙනා සමඟ මෙම සංචාරයට ඔවුන්ගේ පුහුණුකරු වන හිටපු හෙල්ල විසිකිරීමේ ජාතික සූරයෙක් වූ ප්‍රදීප් නිශාන්ත ද එකතු වන අතර ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හී පදිංචි ශ්‍රී ලාංකිකයන්ට මේ ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා දිරි ගැන්වීමෙන් සහය පළ කිරීමට එක්වන මෙන් ආදරයෙන් ආරාධනා කරන අතර පහත සමස්ත තරග උළෙලේ වැඩ සටහන දක්වා ඇති අතර ඒ හරහා ඔවුන්ගේ තරග ඉසව් සඳහා පිවිසිය හැකිය.
ඔවුන් මූලික තරගවලට සහභාගි වන වේලාව ද මෙහි ඇති ඡායාරූපයෙන් දක්වා ඇති අතර එම කවපෙත්ත ඉසව්වට පාලිතගේ නම ඇතුළත් වනු ඇත.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...