ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මගී ප්රවාහන ත්රීරෝද රථවල ගාස්තු ද වැඩිකිරීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධ ත්රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය පවසයි.
ඒ අනුව, පළමු කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ නංවන බවයි එම සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කරන්නේ.
කෙසේවෙතත් දෙවැනි කිලෝ මීටරයේ සිට අය කෙරෙන රුපියල් 45ක ගාස්තුව ඉහළ නොදමන බවත් ඒ මහතා ප්රකාශ කළේය.
RN