කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට …

Date:

අවස්ථා ගණනාවකදීම කල්ගිය කැබිනට් සංශෝධනය තවදුරටත් ප්‍රමාද වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වීමට මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දැනට ස්ථිර වශයෙන්ම කැමැත්ත පළකර ඇති බවත් ඔවුන් අතර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ ඒ. එච්. එම්. ෆවුසි සිටින බවත් අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

ඔවුන් අතරින් රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් දෙදෙනාට කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව තිබේ. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් කොන්දේසියක් ඉදිරිපත්ව ඇත්තේ රාජිත සහ වෙල්ගම යන දෙදෙනාම කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයින් බැවින් ඔවුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන්නේ නම් තම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායකයා වන රෝහිත අබේගුණවර්ධනටත් ඒ හා සමානම බලතල ඇති අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බවටයි.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ හේතුවෙන් රාජිත සහ වෙල්ගම යන දෙදෙනා අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීම ද ප්‍රමාද වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...