යුද්දෙට නැති කඩුවට ඉඩ

Date:

රුසියානු කඩු ශීල්ප සංගමයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හරහා ජාත්‍යන්තර කඩු ශිල්ප සංගමය වාර්තා කරන්නේ යුද්ධයට පක්ෂපාති නොවන සහ රුසියානු හමුදාවන්ට සම්බන්ධ නොවන කඩු ශිල්ප ක්‍රීඩකයින්ට ඔලිම්පික් නියෝජනයට අවස්ථාවක් දිමට උත්සාහ කරන බවය.

මේ තත්ත්වයට පදනම් වුණේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු විධායක මණ්ඩලය, යුක්රේනය ආක්‍රමණයට විවෘතව සහාය නොදක්වන්නේ නම් හෝ හමුදාවට අනුබද්ධ නොවන්නේ නම් තනි තනි රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවත තරඟයට යාමට ඉඩ දිය යුතු බව ප්‍රකාශ කිරීමය.
රුසියානු ෆෙන්සිං සම්මේලනයේ සභාපති ඉල්ගාර් මම්මඩොව් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වෙත පැවසුවේ “අප එයට යහපත් ප්‍රතිචාරයක් දක්වනවා” යනුවෙන්ය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයට අනුකූල වීම සඳහා සමාජ සහ නියෝජිතායතන අනුබද්ධිත අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් 110 සිට 120 දක්වා යාවත්කාලීන ලැයිස්තුවක් එවිය යුතු බව ජාත්‍යන්තර කඩු ශිල්ප සම්මේලනය දන්වා ඇති බව ද මෙහිදි ඉල්ගාර් ප්‍රකාශ කරන්නට යෙදිණ.
රුසියානු කඩු ශිල්ප සංගමය මේ සම්බන්ධයෙන් කෙතරම් උනන්දුවක් දක්වන්නේ ද කිවහොත් ඔවුන් මේ වන විට ඊට ප්‍රතිචාර දක්වා නැවත ප්‍රතිචාර ද ඉක්මණින් බලාපොරොත්තුව සිටියි.ඉල්ගාර් පවසන්නේ මැයි මාසයේ පැවත්වෙන ග්‍රොන් ෆ්‍රී තරගවලට පෙර තමන්ගේ දැණුම් දිමට ජාත්‍යන්තර සංගමය ප්‍රතිචාර දක්වනු ඇති බවය.

සටහන – නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...