රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු පිරිසක් වොෂින්ටනයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන අතර , හෙට දිනයේ (10) වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත 2023 Spting Meeting හිදී එයට කදිම අවස්ථාවක් හිමිවෙනු ඇති බව , සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග හෙට පැවැත්වීමට නියමිත Spting Meeting සඳහා රාජ්‍ය අමාත්‍යවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එක්වීමට නියමිත අතර ,ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත පවරා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...