ඩිජිටල් තාක්ෂණයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් සන්නද්ධ කළ යුතුයි – සජිත්

Date:

රටේ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද ලබා දියයුතු බවත්,ඒ හරහා රටේ දරු පරපුර තාක්ෂණ දැනුමින් සන්නද්ධ කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ලක්ෂ හතළිහකට අධික දූ දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් ලබාදෙමින්,නොමිලේ දිවා ආහාරය ලබා දෙමින් අප්‍රමාණ මෙහෙවරක් සිදුකළ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ තිස් වන ගුණානුස්මරණය මැයි පළමුවැනිදාට යෙදී ඇති බවත්,එය නිමිති කොට ගෙන පාසල් තිහකට (30) ස්මාර්ට් පන්ති කාමර ලබාදීමේ කටයුත්ත ආරම්භ කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වන ජන්ම දිනය සැමරුම ලබන වසරට යෙදී ඇති බවත්, ඒ නිමිති කොට ගෙන තවත් පාසල් සියයකට (100) සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, තිස්සමහාරාම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

දැයේ දරුවන්ට සුහුරු ලොවක් උරුම කරදීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක සුහුරු පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වළ” වැඩසටහනෙහි 28 වන පියවර ලෙස රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) වටිනා උපකරණ මෙහිදී විදුහල වෙත පරිත්‍යාග කෙරුණා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...