කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව ගැන ජනපති දැඩි තීරණයක

Date:

විපක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරුන් එකතුවීමේ කතාව මැද්දේම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවකුත් යළි කරළියට පැමිණ තිබේ.

පොදු වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කවර කතා කීවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කෙරෙන්නේම ඇමති ධුර සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා ය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය 30 ඉක්මවා යා නොහැකි අතර පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂය තවත් පක්ෂ සමග එක්ව “සර්ව පාක්ෂික” ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් කැබිනට් මණ්ඩලය 48 දක්වා වැඩිකර ගැනීමේ හැකියාව පවතී.

කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය කවර තත්වයක් යටතේවත් 30 කට වඩා වැඩි නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි තීන්දුවක පසුවන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එසේම පවතින කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව එලෙසම තබාගෙන, ආණ්ඩුවට එකතුවන හා දැනට සිටින ජ්‍යේෂ්ඨයින්ට ඒ ඒ විෂයට අදාළව පාර්ලිමේන්තු කාරක සභා සභාපති තනතුරු ලබාදී ඒ ඔස්සේ වැඩකිරීමට ඔවුන්ට බලතල හා පහසුකම් ලබාදෙමින් ඉදිරියට යාමේ විකල්පයක් පිළිබඳව ද ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බවත් සඳහන්.

දැනට පත්කර ඇති කැබිනට් මණ්ඩලය 20 දෙනෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...