දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/11

Date:

  1. වසර 4 ක කාලරාමුවක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ රජයේ වැඩපිළිවෙලට නුවර එළිය දිස්ත්‍රික්කයේ උපරිම දායකත්වය ලබා ගැනීමට විධිමත් සැලසුමක් සැකසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දයි.
  2. පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට අප්‍රේල් 25 දින නොපැවැත්වෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මුදල් අමාත්‍යංශයේ උපදෙස් ද ඇතිව මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇති ඉල්ලීමට “යුක්තිය” ඉටුකරනු ඇති බව ද පවසයි.
  3. අලුත් අවුරුදු සමයේ විශාල ජනකායක් කේවල් කිරීම සඳහා පැමිණෙන මහරගම පමුණුව වෙළඳපොල සංකීර්ණය වෙත මෙවර පැමිණ ඇති සංඛ්‍යාව පෙර වසරවලට තිබූ තත්ත්වය සමීපයටවත් පැමිණ නැති බව වෙළෙන්දෝ පවසති.
  4. කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා කර්මාන්ත වෙනුවෙන් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
  5. ආහාර හා කෘෂිකර්ම සංවිධානය, 72,200 කට අධික කුඩා වගා හිමි වී ගොවීන් වෙත ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට යූරියා පොහොර ටොන් 3,820 කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරයි.
  6. විභාග දෙපාර්තමේන්තුව 2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සති දෙකක කාලයකින් කල් දමයි – මීට ඉහත විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ මැයි 15 වන දින වන අතර, නව දිනය මැයි 29 වේ.
  7. මෙම වසරේ ජනවාරි 01 – අප්‍රේල් 09 දක්වා කාලය තුළ රට පුරා සිදුවූ මාරක මාර්ග අනතුරු 534 කින් පුද්ගලයන් 564 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි – වසරකට මාරක අනතුරු 2,500 – 3,000 පමණ වාර්තා වන බවත්, ඉන් සියයට 90කට ම වැඩි ප්‍රමාණයක් නොසැළකිලිමත් රිය ධාවනය නිසා සිදුවන බවත් පවසයි.
  8. තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති පොදු අපේක්ෂකවරයා ලෙස නම්කරමින් ඉදිරි මැතිවරණ ඉලක්කකරමින් දැවැන්ත සන්ධානයක් බිහි කිරීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බවට එම පක්ෂයේ පා.ම. නලින් බණ්ඩාර පවසයි – මෙම සන්ධානයට සම්බන්ධ වීමට එක්සත් ජාතික පක්ෂයට ද හැකි බව පවසයි.
  9. Royal Turf Club විසින් 2023 Governor’s Cup කුසලාන තුරඟ තරග ඉසව්ව අප්‍රේල් 15 වැනි සෙනසුරාදා දින නුවරඑළියේ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සූදානම් වේ – තරඟය තුළ ධාවනය කරන නව “Mouritania” සහ “Legendary Princess” යන අශ්වයන් කෙරේ සියලු දෙනාගේම අවධානය යොමුව ඇතැයි පැවසේ.
  10. අප්‍රේල් 16 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට මීට ඉහත ඇතුළත් නොවුනු ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම ඇතුළත්ව සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...