චීනයෙන් පිරිපහදු මධ්‍යස්ථානයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නව පිරිපහදු මධ්‍යස්ථානයක් චීන ආයෝජනයක් ලෙස මෙරට ස්ථාපිත කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා මෙම අදහස් පළ කර ඇත්තේ ,ඊයේ පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

මෙම නව පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු රටේ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවත්, මෙරට දැනට පවතින බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ඉදි කරන ලද ඉතා පැරණි එකක් වන බැවින් නව තාක්ෂණයෙන් යුත් තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට අපේක්ෂා කරන බවය.

චීන තනාපතිවරයා තවදුරටත් පැවසුවේ මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ත් 140ත් අතර මුදලක් චීනය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති බවත් චීනය මගින් ඉන්ධන පිරිවුම් හල් 150 ක් කඩිනමින් මෙරට තුළ තුළ විවෘත කිරීමට සැළසුම් කර ඇති බවයි . මෙරට තරුණ ප්‍රජාවට එම අයෝජන ඔස්සේ බිහිවන කර්මාන්ත සමඟ එකතු වී වැඩකළ හැකි බවත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...