සීගිරි නවීකරණයට යුනේස්කෝ සංවිධානයෙන් රුපියල් කෝටි 4ක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර ඇති අතර, එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළ අතර , මීට සමගාමීව සීගිරියේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි.ඒ යටතේ සංචාරකයින් ගමන් ගන්නා ත්‍රිරෝද රථවල ගාස්තු නියාමනය හා සංචාරක මග පෙන්වන්නට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සිදුවන බව සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...