IMF විවාදයේ ඡන්ද විමසීම ගැන සමගි ජන බලවේගයේ තීරණය

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා පැමිණි එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසානයේ අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව, එම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී සභා ගර්භයෙහි රැඳී නොසිට පිටව යාමට ඔවුන් තීරණය කර ඇත.

ආණ්ඩුව විසින් IMF එකඟතාවන්ට අදාළ ගිවිසුම සහ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබානොදීම හේතුවෙන් සමගි ජන බලවේගය මෙම තීරණයට එළඹ ඇති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

අද දහවල් පැවති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...