අපි දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ – විපක්ෂ නායක සජිත්

Date:

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ඇතුළු තමා දේශපාලනය කරන්නේ පදවි තානාන්තර අපේක්ෂාවෙන් නොවන බවත් මේ දේශපාලනයේ අරමුණ ජනතාව අපේක්ෂා කරන පද්ධතියේ වෙනසක් ඇති කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (1) මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය කොළඹ ඊ. ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති මැලි රැළිය අමතමින් පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරු රකිමින් අල්ලස දූෂණය රජ කරවන වත්මන් රජය සමඟ එක්වීමට කිසිදු අදහසක් නොමැති බවත් මෙම රජය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට ලැබෙන වන්දියෙන් පවා කොමිස් මුදල් ලබා ගෙන ඇති බව යි.

එසේ ම වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම් තමා බලයට පත් වූ විගස සංශෝධනය කර ජනතාවට සහන ලබා දෙන බවත් වර්තමානයේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට 2048 වන තුරු සිටීම අනවශ්‍ය බවත් තමා සතු දක්ෂ පක්ෂ කණ්ඩායම උපයෝගී කර ගෙන රට පෙර තිබූ තත්ත්වයට කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව ද පැවසීය.

තව ද ශ්‍රී ලංකා ප්‍රස්ට් වැඩසටහන හරහා රට ගොඩ ගැනීමේ විවිධ ක්‍රම තමා ඉදිරිපත් කරන විට සුරංගනා කතා කියමින් ඒවා හාස්‍යයට ලක් කරන පිරිස් සිටින බවත් ඔවුන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින මුවාවෙන් හොරු රකිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට ගොඩ ගැනීමේ මහා ජන පවුරට ජාති ආගම් කුල භේදයකින් තොරව සැවොම එකට එක්වන ලෙස යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...