අපි දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ – විපක්ෂ නායක සජිත්

Date:

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් ඇතුළු තමා දේශපාලනය කරන්නේ පදවි තානාන්තර අපේක්ෂාවෙන් නොවන බවත් මේ දේශපාලනයේ අරමුණ ජනතාව අපේක්ෂා කරන පද්ධතියේ වෙනසක් ඇති කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (1) මැයි දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය කොළඹ ඊ. ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති මැලි රැළිය අමතමින් පැවසීය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ හොරු රකිමින් අල්ලස දූෂණය රජ කරවන වත්මන් රජය සමඟ එක්වීමට කිසිදු අදහසක් නොමැති බවත් මෙම රජය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවූ හානියට ලැබෙන වන්දියෙන් පවා කොමිස් මුදල් ලබා ගෙන ඇති බව යි.

එසේ ම වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම් තමා බලයට පත් වූ විගස සංශෝධනය කර ජනතාවට සහන ලබා දෙන බවත් වර්තමානයේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට 2048 වන තුරු සිටීම අනවශ්‍ය බවත් තමා සතු දක්ෂ පක්ෂ කණ්ඩායම උපයෝගී කර ගෙන රට පෙර තිබූ තත්ත්වයට කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව ද පැවසීය.

තව ද ශ්‍රී ලංකා ප්‍රස්ට් වැඩසටහන හරහා රට ගොඩ ගැනීමේ විවිධ ක්‍රම තමා ඉදිරිපත් කරන විට සුරංගනා කතා කියමින් ඒවා හාස්‍යයට ලක් කරන පිරිස් සිටින බවත් ඔවුන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින මුවාවෙන් හොරු රකිමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට ගොඩ ගැනීමේ මහා ජන පවුරට ජාති ආගම් කුල භේදයකින් තොරව සැවොම එකට එක්වන ලෙස යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...