*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/06

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ හමුවට සහභාගී වෙයි: රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ හමුවී කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍යය යන අංශවලට අදාළව දෙරට අතර සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කරයි.
  2. ඉන්ෆ්ලුවන්සා සහ ඩෙංගු යළි හිස ඔසවමින් සිටින බව සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති; ආරක්ෂණ පිළිවෙතක් ලෙස මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය බව පවසති; මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්: leptospirosis) ආසාදිත පුද්ගලයන්ගේ ඉහළ යාමක් දක්නට ඇති අතර, 2023 තුළ ආසාදිත පුද්ගලයන් 2,600 ක් වාර්තා වී ඇති බව පවසති; කොවිඩ් නව ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීම ද සමඟ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 672,207 දක්වා ඉහළ ගොස් තිබේ: කොවිඩ් මරණ 16,844.
  3. 2009 මාර්තු මස ලාහෝර් නගරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් දියත් කිරීමට සම්බන්ධයක් දක්වන, පකිස්ථානයේ අත්‍යාවශ්‍ය (most wanted) අපරාධකරුවකු සේ සැලකෙන ඉක්බාල් හෙවත් බාලි ඛයාරා පකිස්ථාන පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය යයි.
  4. කටුනායක පවතින අහිතකර කාලගුණ තත්ත්වයන් හේතුකොටගෙන, මෙල්බර්න්, මාලි සහ ඩම්මම් සිට කොළඹ බලා පැමිණෙන ගුවන් ගමන් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මාරුකර යවයි.
  5. එක්සත් ජනපදයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණින් පා.ම. පාඨලී චම්පික රණවක පා.ම. විමල් වීරවංශ විසින් මෑත දින නිකුත් කළ ග්‍රන්ථය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ සිදුකළ බවට පා.ම. උදය ගම්මන්පිල චෝදනා කරයි; රණවක මන්ත්‍රීවරයා වීරවංශගේ ග්‍රන්ථයේ පළමු පිටුව වත් කියවා නොමැති බවට මින් පැහැදිලි බව පවසයි.
  6. ජනතා ප්‍රීතිගොස මැත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මැයි දින රැළියේ දී “ප්‍රදර්ශනය” කළ බව පා.ම. මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා සහ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ බව මාධ්‍ය සගයන් අවබෝධ කර ගැනීම පිළිබඳ තමා සතුටුවන බව ද පවසයි.
  7. තමාට අයත් ජේම්ස් ෆින්ලේ කෙන්යා (James Finlay Kenya) තේ වතු ව්‍යාපාර ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (Browns Investments) වෙත විකුණන බව ගෝලීය ප්‍රමුඛ පෙලේ තේ, කෝපි සහ උද්භිද ද්‍රව්‍ය සපයන්නකු වන ෆින්ලේස් (Finlays) පවසයි: 2021 දෙසැම්බර්හි දී, බ්‍රවුන්ස් සමාගම විසින් ෆින්ලේස්ට අයත් ශ්‍රී ලංකා තේ වතු ව්‍යාපාර පවරා ගැනීම සිදුවිය.
  8. ඇතැම් පුද්ගලයන් විසින් දාර්ශනපති (doctor of philosophy) සහ මහාචාර්ය (professor) යන පදවි අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා නව නීතී ප්‍රතිපාදන හඳුන්වා දිය යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා පවසයි.
  9. ජාතික ගොඩනැඟිලි සහ පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, මාතර, මාතලේ, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නායයෑම පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
  10. මෙරට වනජීවි සම්පත් භාවිතාකොට රටට විදේශ විනිමය ගෙන ආ හැකි බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි: ශීත දේශගුණ මත බොහෝ රටවල මිනිසුන් අපහසු ජීවිත ගත කරන මුත් ශ්‍රී ලංකාවේ ජනතාවට එවන් තත්ත්වවලට මුහුණ නොදෙමින් ජීවත් වීමට හැකිව තිබීම භාග්‍යයක් බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan