මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා

මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා
ඒ වසන්තයේ.
මීට වඩා කුරුළු ගී ඇසෙන්න ට තිබුණා
ඒ වසන්තයේ
අප මුලින් මුණ ගැහුණු ඒ මධුර වසන්තයේ…

මීට වඩා මඳ සුළං හමන්නට තිබුණා
ඒ ගිම්හානයේ
මීට වඩා උණුහුමින් වෙලෙන්නට තිබුනා
ඒ ගිම්හාන යේ
අප හෙමින් ඇවිද ගිය ඒ සොඳුරු ගිම්හානයේ

මීට වඩා බොහෝ වැසි වහින්නට තිබුණා
ඒ වස්සානයේ
මීට වඩා ඉකි බිඳුම් ඇසෙන්නට තිබුනා
ඒ වස්සානයේ..
අප අපෙන් වෙන්කෙරුනු ඒ අඳුරු වස්සානයේ

මීට වඩා ගැඹුරු විල් මිදෙන්නට තිබුණා
ඒ ශීත සිසිරයේ
මීට වඩා බිඳුණු සිත් රිදෙන්න ට තිබුණා
ඒ ශීත සිසිරයේ
අපේ හිත් ගල් ගැහුණු ඒ අඳුරු සිසිරයේ

අශෝක හඳගම

2022-February

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...