මහජන ආධාර කප්පාදු කරන්නේ නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර ,  ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදු තොරව ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත්  අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

“විශේෂ හැකියාවන් තියෙන අය ඒ කියන්නේ ආබාධිත සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් හඳුනානොගත් හේතුන් මත වකුගඩු රෝගීන් වූ සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් වැඩිහිටි අයගේ ලබාදෙන ආධාර සඳහා කිසිම තැනකදී,දින වකවානු සහිත සීමාකිරීමක් මේ අලුත් නීතියෙන් කරලා නැහැ. පැහැදිලිවම ගැසට් පත්‍රයේ දින වකවානු සඳහන් කරලා නැහැ. මේ දෙන අකාරයටම අඛණ්ඩව රජය ඒ උදව්ව කරන්න බලාපොරොත්තු වෙනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...