*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/17

  1. 2024 සිට පාසල් විෂයය නිර්දේශයට තොරතුරු තාක්ෂණය (IT) සහ කෘතිම බුද්ධිය (AI) විෂයයන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි: දිවයිනේ සියලු පාසල්වල 6 – 13 ශ්‍රේණිවලට මෙම විෂයය ඉගැන්වීමට නියමිතයි: මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල කිරීමේ අභිලාෂය මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි: මෙම වසරේ ජූනි මස පටන් තෝරාගත් පාසල් 20 ක් තුළ මෙය පාලක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
  2. මුදල් විශුද්ධිකරණ හා බදු පැහැර හැරීමේ චෝදනා මත, ඉන්දියාවේ Enforcement Directorate (ED) ආයතනය, ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘පොන්නියන් සෙල්වන්’ හි නිශ්පාදන සමාගම වන LYCA හි චෙන්නායි හි පිහිටි කාර්යාලය වටලයි: LYCA යනු ස්වර්ණවාහිනී නාලිකාවේ හිමිකාරීත්වය සතු ඊඒපී සමූහ ව්‍යාපාරයේ වත්මන් හිමිකරු වන අතර, ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ ද මෙම සමාගම බවට විශ්වාස කෙරේ.
  3. එළඹෙන ජනාධිපතිවරණයේ සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි.
  4. තමා ‘දෙවියන්ගේ දිවැසිවරයා’ යැයි හඳුන්වා ගන්නා කොළඹ ග්ලෝරියස් දේවස්ථානයේ පාස්ටර් ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව විදේශ ගමන් තහනමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි: ජෙරෝම් ප්‍රනාන්දු නැමැත්තා බුදුදහම, ඉස්ලාම් දහම සහ හින්දු දහමට අපහාසවන අන්දමේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදුකළ බවට චෝදනා ලැබ සිටියි: ඔහු මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට විශ්වාස කෙරේ.
  5. Lyceum, Gateway සහ NSBM වැනි ආයතනවලට වෛද්‍ය උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදීමට රජය ගෙන ඇති බව කියන ක්‍රියාදාමයට එරෙහිව වෛද්‍ය පීඨ සිසුන් කොළඹදී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කරයි: මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ දිවයිනේ සියලු රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල සිසුන් විසිනි.
  6. පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව තමා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය ශාෆි ෂිහබ්දීන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කරයි: අදාළ විමර්ශන කටයුතුවලදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවූ මුදල් ගනුදෙනු පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු අසමත්ව ඇති බවත්, එබැවින් ඔහු අත්අඩංගුවට පත්වීම කුමන ආකාරයකින් හෝ නීතිවිරෝධී නොවන බවත් විනිසුරු මඬුල්ල නිගමනය කරයි.
  7. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කේ.ඒ. රෝහණධීර පාර්ලිමේන්තුවේ නව මහලේකම්වරියා ලෙසත්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙසත් පත් කර තිබේ.
  8. මෙම වසරේ මැයි අවසානවන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 05 කඩඉම පසුකරනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි: මැයි 14 දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 477,277 වන අතර, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් (9,323) වන අතර එය පසුගිය වසරේ මැය මසට සාපේක්ෂව 26% ක ඉහළ යාමකි; රුසියාවෙන් සංචාරකයන් 3,686 පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂළු 10% ක ඉහළ යාමකි; එක්සත් රාජධානියෙන් 2,523 කි.
  9. ඩෙංගු මර්දන කාර්ය සාධක බළකාය සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දෙයි: ඩෙංගු ව්‍යාප්තිය මැඩලීම සඳහා අමාත්‍යාංශය විසින් රටපුරා පුළුල් වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
  10. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම 2023 ජූනි 18 වන දින සිම්බාබ්වේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා සඳහා සූදානම් වෙයි: ශ්‍රී ලංකා කණ්ඩායම දැනටමත් කණ්ඩායම් 10 කින් සමන්විත සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා යොමුවී ඇති අතර, එහිදී අවසන් තරඟකරුවන් ප්‍රධාන දිනුම් ඇදීමේ ස්වයංක්‍රීය සුදුසුකම් ලැබීමේ (automatic qualifiers) අට දෙනා අතරට එක්වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan