ඩෙංගු අවදානම වැඩි වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මේ අවස්ථාවේ රටේ පවතින අවදානම් තත්ත්වය හමුවේ , ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය දෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට දැනුම් දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පළාත් ආණ්ඩුකාරවරුන් පළාත් පාලන කොමසාරිස්වරුන් මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කැඳවා මෙම උපදෙස් ලබාදුන් බවරාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළ අතර , ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සාමාන්‍ය ජනතාවද සක්‍රීයව මැදිහත්වීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේ ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ ,  රෝහලට ඇතුළත් වන ඩෙංගු රෝගය වැළඳුණු ළමුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇති අතර ,  මේ වනවිට රෝගය වැළඳුණු ළමුන් 43 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 57 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් තත්වයක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන අතර මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 කි. ඉන් වැඩිම පිරිස  බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...