විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අතර සාකච්ඡා මාලාවක්

Date:

කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සාකච්ඡා මාලාවක් පිළිවෙලින් පසුගිය මැයි 16,17,18 දිනයන් වලදී පැවැත්වී තිබේ.

මෙම සාකච්ඡා සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුලු ඉහළ නිළධාරීන් ද සහභාගී වී ඇත.

2022.5.16 දින කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කතිකාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා සමග තවත් ජේෂ්ඨ මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවිය. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කෙරිනි. ටිරාන් අලස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව විමසා සිටි අතර උපකුලපතිවරයා ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තවත් තර කරදෙන ලෙස ඉල්ලීමක් කලේය. එහිදී ඇමතිවරයා කොළඹ විශ්වවිද්‍යාලය අසල රාත්‍රි මුර සංචාර වැඩිකිරීමට කටයුතු කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කලේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවන සොරකම් වැඩිව ඇති බව පැවසීය. එහිදී ටිරාන් අලස් මහතා සහ පොලිස්පතිවරයා ඇතුලු ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුල ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ලදී.

2022.5.17 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන කතිකාචාර්ය උපුල් සුභසිංහ මහතා ඇතුලු මහාචාර්ය වරුන් පිරිසක් ටිරාන් අලස් මහතා හමුවිය. මෙහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව ටිරාන් අලස් මහතාගේ අවධානය යොමුවූ අතර උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේ ජයවර්ධනපුර ශිෂ්‍යයාවන්ගේ නේවසිකාගාර අසල ආරක්ෂක තත්ත්වය වැඩි කර දෙන ලෙසයි. එහිදී ඇමතිවරයා විශ්වවිද්‍යාලය අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමටද නියෝග දුනි. විශ්ව විද්‍යාල ශිෂ්‍යන් පෙරට වඩා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා උනන්දුවක් දක්වන බවද මෙහිදී උපකුලපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

2022.5.18 දින කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය වන ජේෂ්ඨ කතිකාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්විය. මෙහිදී ද විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කෙරිණි.

තවද ටිරාන් අලස් මහතා සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ගැන විමසූ අතර එහිදී උපකුලපතිවරිය සඳහන් කළේ අයිස් මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට හැකිව ඇති බවයි. තවද විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බවද උපකුලපතිවරිය සඳහන් කර සිටියාය. එසේම කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කරන මෙන් ද ඒ මහත්මිය ඉල්ලා සිටියාය. ටිරාන් අලස් මහතා ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කලේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...