සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.05.22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසූවේ, අප රටේ නිදහස වෙනුවෙන් ඔබගේ රට වෙනුවෙන් සේවය කරපු, කටයුතු කරපු පුද්ගලයින්ගේ ක්‍රියාදාමයන් අගයන්න පුරුදු විය යුතු බවයි.
වැඩිදුරටත් පැහැදිලි කළ කාරියවසම් මහතා ,
“අපේ රටේ දිගින් දිගටම වත්මන් තරුණ පරපුර අසනවා 70 වසරක් මේ රට කරපු දේශපාලඥයින් මේ රට කොයි දෙසට ගෙනිච්චේ කියන එක. හැබැයි 70 වසරක් මේ රටේ දේශපාලඥයින් මේ රට පාලනය කරනකොට හුඟදෙනෙක් අමතක කරනවා වසර 30 ක යුද්ධයක් තුළ තමයි ඒ 70 වසර ගෙවුනේ කියලා. වසර 30 ක එල්.ටි.ටි.ඊ කියන ලෝකයේ භයානකම ත්‍රස්තවාදි කල්ලියේ බෙදුම්වාදි යුද්ධයක් අතර ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දෙවතාවක් සිදුකරපු ඉතාම ම්ලේච්ඡ වූ දරුණුම වූ මිනිමැරු ත්‍රස්තවාදී ක්‍රියාකලාපයන් මැද තමයි ඒ වසර 70 ගෙවුණේ.
මේ වසර 70 තුළ රට ඉදිරියට ගෙනියන්න බැරිවුණු එක ප්‍රධාන හේතුවක් තමයි මේ වසර 30 ක් තුළ තිබුණු යුද්ධයත් ඒ වගේම දෙවතාවක් ජනතා විමුක්ති පෙරමුණ තරුණයන්ව නොමග යවලා ඇති කරපු විනාශයත්. කෙසේ වුණත් අපි පසුගිය සතියේ අපේ රටේ අවුරුදු 30 ක් තිබුණු මිනිමැරු යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ යුධ ජයග්‍රහණය සමරනු ලැබුවා. මේ යුධ ජයග්‍රහණය සමරණ අවස්ථාවේ අපේ රටේම සමහර කොටස් මේ යුධ ජයග්‍රහණය හැල්ලු කිරීමට උත්සහා දැරු බව අපි දැක්කා. මෙය බොහෝ කණගාටුදායක තත්වයක්. බුදුරජාණන් වසහන්සේ පවා බුද්ධත්වය ලබලා තමන්ට පිටදීපු බෝධිය දිහා බලන් ඉදලා ලෝකයට පෙන්නුවේ කළගුණ සැළකීම් කියන කාරණයේ තිබෙන වටිනාකම. හැබැයි අපි හුඟ දෙනෙක් අමතක කරලා තිබෙනවා මේ අත්විදින නිදහස නොමිලේ ලැබිච්ච දෙයක් නොවේ කියන එක.
අපි එය නොමිලේ ලැබිච්ච දෙයක් විදිහට හිතනවා නම් අපි තේරුම් ගන්න ඕන ඒ සම්බන්ධයෙන් විශාල මිලක් ගෙව්වා මේ රටේම පුරවැසියන් කොටසක්. සමහරුන් තමන් ආදරේ කරපු පුද්ගලයින්ගේ ජීවිත වලින් පවා මිල ගෙවලා තිබෙනවා. ඒ වගේම අත්පා වලින් දෑස් වලින් මේ සඳහා විශාල මිලක් ගෙව් පුද්ගලයින් අදටත් අප සමාජයේ අප අතර ඉන්නවා. අපි කළගුණ දන්නා ජාතියක් හැටියට මේ පුද්ගලයින්ට සලකන්න, ඔවුන්ව අගය කරන්න ඕන. ඔබ අනුර කුමාර දිසානායක මහතාගේ අනුගාමිකයෙක් වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහතාගේ අනුගාමිකයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට හැකියාවක් තිබෙන්න ඕන ඔබගේ නිදහස වෙනුවෙන්, ඔබගේ රට වෙනුවෙන් සේවය කරපු, කටයුතු කරපු පුද්ගලයින්ගේ ක්‍රියාදාමයන් අගයන්න”
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??