*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තරයට යන අපේ වොලිබෝල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වසර හතකට පසු නැවතත් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය මඟින් පණගැන්වුණු ජාතික බීච් වොලිබෝල් තරඟාවලිය සාර්ථක ලෙස පැවැත්වූ බව එහි සභාපති කංචන ජයරත්න මහතා පවසයි .

පසුගිය කාලසීමාව තුළ කොරෝනා වසංගතය , රටේ පැවතුණු ආර්ථික අස්ථාවරභාවය සහ දේශපාලනික අස්ථාවරභාවය  සමඟම පසුගිය වසර හතර පුරාවට මෙම තරඟාවලිය පැවැත්වීමට නොහැකි වූ බව සභාපතිවරයා පැවසීය .

නමුත් නොහැකි වූ කාලයටත් වඩා සාර්ථක හා ශක්තිමත් ලෙසින් මෙවර ජාතික බීච් වොලිබෝල් තරඟාවලිය පැවැත්වීමට හැකියාව ලැබුණු බවත් එහි සම අනුග්‍රහය දීර්ඝ කාලයක් පුරා Sunquick ආයතනය ලබාදීම පිළිබඳ සභාපතිවරයා විශේෂ ස්තූතිය පුදකරනු ලැබීය .

මෙවර තරඟාවලිය සඳහා අතිවිශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාවූ බවත්, ක්‍රීඩාකණ්ඩායම් 225 කට අදික පිරිසක් ඒ සඳහා ඇතුලත් වූ බවත්, යාපනය වැනි ප්‍රදේශයෙන් ද ක්‍රීඩිකාවන් පැමිණි බව කංචන ජයරත්න මහතා පවසයි .



වයස 16 න් පහළ , 19න් පහළ ,22 න් පහළ ඇතුළු විවෘත තරඟාවලියක් ලෙස මෙම තරඟාවලිය පවත්වා ඇති අතර ,මෙම වසර තුළ ජාත්‍යන්තර තරඟාවලි දෙකක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා යුරෝපීය රටවල් ගණනාවක් ඒ සඳහා සහභාගි වන ආරාධිත බීච් වොලිබෝල් තරඟාවලියක් සහ මධ්‍යම ආසියානු කලාපීය ශූරීන් තේරීමේ තරඟාවලියක්ද දෙසැම්බර් මාසයේ දී මීගමු වෙරළතීරයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා කටයුතු සූදානම් කර ඇති බවත් සභාපතිවරයා පවසයි .

තවද ආසියානු තරඟාවලිය සඳහා සහභාගි කරවීමට කාන්තා කණ්ඩායම තෝරාගෙන අවසන් බවත්, ඔවුන්ගේ පුහුණු කටයුතු වල නිරතවෙමින් සිටින බවද පැවසූ කංචන ජයරත්න මහතා තරුණ තරඟාවලිය (Commen welth) සඳහා සහභාගි වීමට පිරිමි කණ්ඩායම තෝරා ගෙන ඔවුන්ගේ පුහුණු වීම් කටයුතු ද සිදුකරන බව පැවසීය .

අවසාන වශයෙන් සම්මේලනයක් ලෙස ඉතාමත් සතුටුවන බවත්,  රටක් ලෙස සාක් සහ දකුණු ආසියානු කුසලානය ගෙන ඒමට හැකිවූ රටක් ලෙස බීච් වොලිබෝල් ක්‍රීඩාවද ඉදිරියට සාර්ථක ලෙස කරගෙන යන බව සභාපති කංචන ජයරත්න මහතා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan