බෙන් මෙලර් සහ සේරා හල්ටන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සමග මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණි අතර වත්මන් ‍රටෙහි තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී සේරා හල්ටන් මහත්මිය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියේ ,ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස ලෙසයි .

තවද මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ අතර ,  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ මෑතකදී බ්‍රිතාන්‍යද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත් පෙන්වා දුනි.මෑතකදී පැවති බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අභිෂේක උත්සවයේදී සිදු වූ සිද්ධීන්ද ආවර්ජනය කරමින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කමද අමාත්‍යවරයා විසින් පෙන්වා දුනි.

බෙන් මෙලර් මහතා මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හතර දෙනෙකු පිළිබඳව සාකච්ඡා කෙරුණි.එහිදී ටිරාන් අලස් මහතා පවසා සිටියේ ඔවුන් හතරදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවත් එම අවස්ථාවේදී පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බවයි .

යෝජිත නව ත්‍රස්ත විරෝධී පණත සංවරණය හා තුලනය වියයුතු බවද නීතිය හා සාමය පවත්වා ගැනීමට අතවශ්‍ය බවද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන් අතර ,  ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත නීති රීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලිසියද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...